අඹ ගෙඩි 20ක් තිබේ නම් ඉන් 5ක් කෑමට ගන්න

Community Kitchen වැඩසටහනක පළමු අත්දැකීම. එකිනෙකාව බලා ගැනීමේ පුරවැසි වගකීම. ඉවීම කළේ ගෝල් ෆේස් අරගල බිමේ සිට පැමිණි තරුණ පිරිසක්. අනුග්‍රහය පිළිබඳ විස්තර යටින් එන විස්තරයේ දැක්වෙනවා.

අපි හැමට මෙයට දායක විය හැකියි. ගෙදර ගස්වල වැඩිපුර තියෙන කොස්, දෙල්, ඇඹ‍රැල්ල, අඹ වගේ දේවල් වලින් කොටසක් මේ වෙලාවෙ ආහාර ප්‍රශ්නයට මුහුණ දෙන අයට ආහාර පිසීම සඳහා ලබාදිය හැකියි. එම අමු ආහාර ද්‍රව්‍ය එකතු කර, උයන ස්ථානයට යැවීමේ වැඩපිළිවෙළක් සර්වෝදයෙන් සැකසූ වහාම දැනුම් දෙන්නම්. බත්තරමුල්ල අවට අයට ඒවා අප රාහුල ආයතනයට ගෙනැවිත් බාරදෙන්න පුළුවන්. වැඩපිළිවෙළ සකස් වූ වහාම දැනුවත් කරන්නම්.

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය

ද්වීහි කම්මං පයෝජයේ

චතුත්ථඤ්ච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

අඹ ගෙඩි 20ක් තිබේ නම් ඉන් 5ක් (1/4) කෑමට ගන්න.

10 ක් (2/4) චට්නි හදා හෝ වෙනත් ආකාරයකට කල්තබා ගන්න. (ඉදිරි ආහාර හිගයේ දී ඔබේ පාවිච්චිය සඳහා).

5 ක් (1/4) කොමියුනිටි කිචන් එකට දෙන්න.

ආපදා අවස්ථාවක දී එකිනෙකා බලා ගැනීම පුරවැසි වගකීම වන බැවිණි.

Galkande Dhammananda  Facebook පිටුවෙ​න්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...