අපි මිලියන 500ක් ගැන දන්නෙත් නැහැ.අරගත්තෙත් නැහැ.ගත්ත අය කොහේ හරි ඇති. e-WIS හෙළිදරව්ව (VIDEO)

Date:

රෝහල පද්ධතිය ඒකාබද්ධ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිකුත් කිරිමා හා එම දත්ත රැස්කර තබා ගැනීම සඳහා e-WIS සමගම විසින් සකසන ලද මෘදුකාංගය වෙත වැය වූයේ රුපියල් මිලියන 83ක් පමණක් වන අතර කෝප් කමිටුවේදී මිලියන 500ක් ගැන කියවුණද ඒ ගැන සිය සමාගම නොදන්නා මෙන්ම එවැනි මුදලක් ලබා ගෙන නැති බවත් එම මුදල් ලබා ගත් අය කොහේ හරි සිටිනු ඇති බවත් e-WIS සමාගමේ සභාපති සංජිව වික්‍රමනායක මහතා පැවසුවේය.

ඒ, අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි.

කෝප් කමිටුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් ඉදිරිපත් ගණන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

ඒ අනුව එම සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් සිය සමාගමට ලැබුණේ රු.මිලියන 223ක් පමණක් වන අතර ඊට අදාළ සියලු ලේඛන ඔවුන් සතුව පවතින බවයි වික්‍රමනායක මහතා කියා සිටියේ.

මෙම ව්‍යාපෘතිය එම සමාගමට ලැබී ඇත්තේද නිසි ටෙන්ඩර් පටිපාටියට අනුකූලවය .

එම මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට සෞඛ්‍ය බලධාරීන් කළ චෝදනාවද e-WIS සමගම බැහැර කළ අතර එසේ නිසිපරිදි ක්‍රියාත්මක නොවුණේ නම් 2018,2019 සහ 2020 වසර වලදී ඊට තවත් රෝහල එක් කළේ ඇයිද යන්න වික්‍රමනායක විමසා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...