අද (03) දිනයේ ශ්රී ලංකා මහබැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.0033ක් දක්වාත් එහි විකුණුම් මිල රුපියල් 337.9794ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේදී මෙම අගයන් පැවතියේ පිළිවෙලින් රුපියල් 326.7561ක් සහ රුපියල් 336.6059ක් වශයෙනි.
මෙසේ ඩොලරයේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇත්තේ ජාත්යන්තර මූල්ය අරමුදල විසින් අනුමත කළ ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදල ශ්රී ලංකාවේ මහාභාණ්ඩාගාරයට ලැබී ඇති තත්වයක් තුළදී වීම විශේෂත්වයකි.

මේ අතර අද දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 338.50 ද ඉක්මවා ගොස් තිබෙනු දක්නට ලැබිණි.





