*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

වත්මන් ජනාධිපතිට හොරු අල්ලන්න බැරි වුනාට අපිට පුළුවන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රට බංකොලොත් වූයේ ලක්ෂ 220ක් වූ ජනතාව නිසා නොව රටේ සම්පත් දේපල සොරා කන ලද රාජපක්ෂ පාලනය නිසා බවත් මේ හේතුවෙන් බහුතරයක් පුරවැසියන් අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජීත් ප්‍ර්‍රේමදාස මහතා පැවසීය.

මේ බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට නම් මුදල් අවශ්‍ය බවත් ඒ සදහා ඇති ලේසිම පහසුම ක්‍රමය වන්නේ කොමිස්වලින් අල්ලස්වලින් හා හොරා කාපු මුදල් නැවත ලබා ගැනීම බවත් පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ඒ ඩාෙලර් කෝටි ගණනක් මුදල නැවත ලබා ගැනීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ එම මුදල් රටට ලබා ගැනීම වුවත් හොරුන්ගෙන් යැපෙන නායකයෙක්ට එම හොරු අල්ලන වැඩේ සිදු කල නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාගේ පදනම වී ඇත්තේ රට විනාශ කළ හොරා කෑ රාජපක්ෂ පරපුර සහ ඔවුන්ගේ හිතවාදී මන්ත්‍රීවරුන් බව යි.

නමුත් මේ රට ගොඩ ගත හැක්කේ රටට නව යුගයක් ගෙන  ආ හැක්කේ හොරා කැ මුදල් නැවත ලබා ගැනීමෙන් බවත් ඒ සදහා ඇති එකම උත්තරය වන්නේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය බලයට පත් වූ විගස හොරු අල්ලා හොරා කැ මුදල් සියල්ල නැවත අත්පත් කර ගෙන එම මුදල් සංවර්ධනය වෙනුවෙන් යොදන බවත් පැවසය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2)උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම මෝධි ගම්මානයේ පැවැති ජනහමුවක දීය.
එහි දී විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා සහ අධිකරණ විනිසුරුවරු එකට හමු වී භෝජන සංග්‍රහයක් පවත්වනවායැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත අසත්‍යක් වේවා යැයි තමා ප්‍රාර්ථනා කරන බව යි. නමුත් එවැන්නක් සිදුව ඇත්නම් එය බරපතල කරුණක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ කුලුනු 3 වන ව්‍යවස්ථාදායකයක විධායකය සහ අධිකරණය වෙන් වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවත් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය ය්‍රතු බවත් ය. යම් හෙයකින් මෙවැනි භෝජන සංග්‍රහයක් සිදුව ඇත්නම් අධිකරණ විනිසුරුවන් පවා අපහසුතාවයට පත්වන බවත් එමගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට බාධාවක් බවත් එය යහපත් රාජ්‍ය පාලනයක් නොවන බවත් රජය විසින් අධිකරණයට ඇගිලි නොගසන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු බවත් හෙතෙම පැවසීය.

මෙවන් හමුවක් සංවිධානය කර තිබේ නම් මේ පුවත් සත්‍යක් නම් කරුනාකර එවැනි වරදක් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan