සටහන – නිශ්මං රණසිංහ
ජුනි 04, කොළඹ (LNW):
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය කඩුලු 6 න් පරාජයට පත් වුණා.දකුණු අප්‍රිකාව ඉදිරියේ ලද කඩුලු 6 ක පරාජයක් ලෙස ඒ ගැන සඳහන් කිරීමේදීම ප්‍රමාණාත්මකව දැනෙන විශාලත්වයට වඩා මේ පරාජය ඇතුළේ තිබුණේ ශ්‍රී ලංකාව නිවැරදිව තණතීරුව කියවා නොගැනීමයි.
එහි පළමු කාසියේ වාසියට අයිති වෙනවා.වනිඳු හසරංග කාසියේ වාසිය ලබා ගෙන පන්දුවට පහර දීමට තීරණය කිරීමේදී ඔහුගේ අදහස එම තණතීරුවේ ලකුණු 160 ක් පමණ ලබා ගැනීමයි.එහෙත් තරගය ආරම්භයේදී ම එය කළ නොහැකි දුෂ්කර දෙයක් බව හොඳින් පැහැදිළිව දකින්නට තිබියදී ශ්‍රී ලංකාව සිය ඉලක්කය ඊට වඩා අඩු ආරක්ෂිත ලකුණු ගණණකට මාරු කරන්නට අසමත් වුණා.

දකුණු අප්‍රිකාව ලකුණු හිඟ තණතීරුවේ කෙටි ලකුණුවලින්, නිලකුණු පන්දු අඩු කරමින්, ශ්‍රී ලංකාවට ඉදරියට තල්ලු වීමට තිබෙන ඉඩ අහුරමින් දිගු පහරවල් සඳහා පෙළඹවීමක් ඇති කිරීම කැපී පෙණුනා.ඒ වගේම වනිදු හසරංග සිය පිතිකරණ අංකය පෙරට ගෙන ඒ නම් ඔහු පන්දු යවන්නෙක්ට වඩා වගකීමක් සිය කණ්ඩායම වෙනුවෙන් ගත යුතුයි.ඉදිරියෙන් පැමිණ ආවොත් ආවා,ගියොත් ගියා වර්ගයේ ක්‍රීඩා රටාවකට ඔහුට ඉඩ නැහැ.වනිදු ඇතුළු පිතිකරුවන් ලෙස ලකුණු බලාපොරොත්තු වූ සියල්ලන්ම මේ තරගයේ පරාජයේ වගකීමේ වැඩි කොටසක් භාරගත යුතුයි.
ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගත් පිතිකරුවන් හැටියට ශ්‍රි ලංකා ලකුණු පූවරුවේ දකින්න ලැබෙන්නේ තිදෙනෙක් පමණයි.කුසල් මෙණ්ඩිස් (19),ඇන්ජලෝ මැතිවිස් (16) සහ කමිඳු මෙණ්ඩිස් (11) එම තිදෙනායි.මේ තිදෙනාත් දිගු පහරවල් සඳහා කරන ලද පෙළඹවීම් හමුවේ දැවී යනවා.ඉණත් පපුවත් අතරට ඉහළ නැඟ එන පන්දුව කළමණාකරනය කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් තුළ නිවැරදි කියවා ගැනීමක් තිබුණේ නැහැ.
විශේෂයෙන්ම ඇන්රිච් නෝරට්ජේ සහ ඕට්නේල් බාර්ට්මන් ශ්‍රී ලංකා පිතිකරුවන් තුළ ඇති කරන ලද පීඩනය ශ්‍රී ලංකා ලකුණු පූවරුවට තදින් බලපෑවා.නෝර්ටජේ පන්දු ඕවර් 4 තුළ ලකුණු 7 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුණා.ශ්‍රී ලංකා ඉණිම ලකුණු 77 ට සීමා වුණා.
මෙම ලකුණු 77 හඹා යාම පහසු වුණේ නැහැ.ලකුණු 23 දී කඩුලු 2 ක් අහිමිව තිබියදී ට්‍රිස්ටාන් ස්ටබ්ස් දවා ගැනීමට ලැබුණු අසීරු උඩ පන්දුව කුසල් මෙණ්ඩිස්ගේ දෝත තුළ සුරක්ෂිතව රැඳුණානම් සමහර විට මෙම ලකුණු 77 වෙනුවෙන් දකුණු අප්‍රිකාවට මීට වඩා කඩුලු ප්‍රමාණයක් අහිමිව නොසිතූ ඉරණමකට ගොදුරු වෙන්න තිබුණා.එම තණතීරුවේ ස්ටබ්ස් සහ ක්වෙන්ටම් ඩි කොක් තෙවන කඩුල්ලට ඇති කළ ලකුණු 35 ක සබඳතාවය මේ තරයේ දකින්නට ලැබුණු ඉහළම සබඳතාවය වුණා.කොක් ලබා ගත් ලකුණු 20 මුළු තරගයේම පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වුණා.
ලකුණු 77 ක ඉලක්කයක් කරා යන දකුණු අප්‍රිකාවට එය ලබා නොදී සිටිය හැකිය යන විශ්වාසයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දු යැවීම සහ කණ්ඩායමක් ලෙස එය විහ්වාසයට ගෙන අවසන් මොහොත වන තෙක් සටන් කිරීම අගය කළ යුතුයි.ඒ අතරින් දසුන් ශානක එක් නිලකුණු පන්දු ඕවරයක් ද සමඟ පන්දු ඕවර් 3 ලකුණු 6 ට කඩුල්ලක් ගබා ගනිමින් නිමා කිරීම කැපී පෙණුනා.
ශ්‍රී ලංකාව තරගය කියවා නොගැනීම සහ තණතීරුව හඳුනා නොගැනීමත්,අවබෝධ කර ගත් පසුවත්, ඇඟිල්ලක් දමන්නට ඇති ඉඩෙන් හිස ඇතුල් කිරීමම අරමුණු කරගෙන කටයුතු කරනාකාරයේ පහරදීමත් නිසා මේ තරගයේදී ශ්‍රී ලංකාව දැඩි අසරණ තත්ත්වයකට පත් වුණා.ඒ වුණත් සමස්ත තරගයම ගත් විට එම තණිතීරුවේ හැසිරීම අපට හුුරු පුරුදු විස්සයි විස්ස රිද්මයට වඩා වෙනස් දැඩි මන්දගාමී සහ පිතිකරණයට අසීරු තත්ත්වයක පැවතුණා.
එසේම මේ තරගයට එන විටත් ශ්‍රී ලංකාවට තරග ලබා දීම වගේම නවාතැන් ලබා දීමේදීත්,එසේම නිව්යෝර්ක් තරගය සඳහා පැමිණීමේදී පැය හතක අටක ගුවන් ගමන් ප්‍රමාදයකට මුහුණ දෙන්නට සිඳුවීමේදීත් ක්‍රීඩා කිරීම සඳහා වන යහපත් පරිසරය අහිමි වෙන බවට චෝදනා අයිසීසී වෙත ගොනු කර තිබෙනවා.ශ්‍රී ලංකාව තරග තුන සඳහා කුන් කොණකට ඇඳ ගෙන යාමට ගෙන ඇති තීරණය වගේම මේ දක්වා නවාතැන් ලබා දීමේදී පැයකටත් වඩා ධාවන කාලයක් ඇති ස්ථාන වෙන් කර දීම තුළ ශ්‍රී ලංකාව අසීරුවට පත් කිරිම එම චෝදනාවලින් පෙන්වා දී තිබෙනවා.

ක්‍රිකට්මය සැළකිල්ල සහ ස්වභාවයට ඇමෙරිකාවේ දුර බවත් මේ තරගාවලියේ ඇතැම් කරුණුවලින් දැක ගන්නට ලැබෙනවා.ඉන්දියානු ක්‍රීඩකයෙක්ට සුබ පැතීමට ක්‍රිඩා පිටියට පිවිසෙන ප්‍රෙක්ෂකයෙක් අත් අඩංගුවට ගැනීමේදී ඇමෙරිකා පොලීසිය හැසිරෙන ආකාරය පොලිස් අත් අඩංගුවට ගැනීමේ දී මියගිය,ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය මතකයට නැඟීමක් වුණා.කෙසේ නමුත් මේ සියලු දේ කණ්ඩායමක ජයග්‍රහණය සහ පරාජය සඳහා බලපෑමක් ඇති කරනවා.එහෙත් තරග පිටියට පිවිසි පසු ඒ සියල්ලගෙන් මිදී තරගය මත සිටීමට හැකිවීම වෘත්තිමයභාවයේ ලක්ෂණයක් වෙනවා.ඒ වෘත්තිමය භාවයේ ලක්ෂණ මත නිවැරදිව පිහිටා සිටියේනම් ඇඟිල්ලක් දමන්නට ඇති ඉඩෙන් හිස ඇතුල් කිරීමම අරමුණු කරගෙන ක්‍රියා කර මෙවැනි හිරවීමකට ශ්‍රී ලංකාව පත් වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ පිතිකරණ සැළසුම හිතන්නටවත් අමාරු 160 ක සැළසුමෙන් 120 දක්වා ගෙනවිත් කෙටි ලකුණුවලට අවධානය යොමු කර,අඩුම තරමේ ලකුණු 30 -40 අතර කඩුලු සබඳතා දෙකක් ඇති කර ගන්නට සමත් වුණානම් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගන්නටත් තිබුණා.මේ සමඟ දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවයි.
https://es.pn/4e51bbI
