අලුතින් එය අයට තියා ගිය මාසේ පැනපු කෙනාටත් තාම මොකුත් නැතිලු !

දේශපාලන පිල් මාරු ගැන මේ දවස්වල ගොඩක් කතාබහ වෙනවානෙ. මේ කතාව පිල් මාරු කරපු කෙනෙක් ගැන.

වමේ පක්ෂයක් නියෝජනය කරමින් පොහොට්ටුවට එකතුවෙලා මොනරු ඉන්න ගලක් පැත්තෙන් පාර්ලිමේන්තු ආපු මේ මන්ත්‍රීවරයා කම්කරුවන්ගේ දවසෙම අලි පාටියට මාරු වුණා.

හැබැයි එහෙම මාරු වුණේ නිකම්ම නෙවෙයි ලු. එතුමාට ගොඩක් තාන්න මාන්න වරප්‍රසාද දෙන්නම් කියලා පොරොන්දු පිටලු ගෙන්නා ගත්තේ.

හැබැයි තාම ඒ කියපු මොකුත්ම ලැබිලා නැතිලු.

වැඩේ කියන්නේ මේ පැනිල්ලට කපුකම කරපු කැබිනට් ලෙවල් එක්කෙනා දැන් මෙතුමාගෙ ටෙලිෆෝන් කෝල් එකකටවත් උත්තර දෙන්නෙත් නැතිලු.

ඉතින් අර පැනපු මන්ත්‍රීතුමා මේ දවස්වල බොහෝම දුකෙන් කළකිරීමෙන් ඉන්නවා ලු. තමුන්ට වුණේ අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිවුණු සීන් එකක්ය කියලා යාළුවන්ට කියනවා ලු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...