ට්‍රම්ප් ඇමරිකානු වානේ සහ ඇලුමිනියම් ආනයනයන් සඳහා වන තීරුබදු 50% දක්වා දෙගුණ කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වානේ සහ ඇලුමිනියම් ආනයන සඳහා තීරුබදු 25% සිට 50% දක්වා දෙගුණ කිරීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇති බව වාර්තා වේ.

මෙත් සමඟ මෝටර් රථවල සිට ටින් කළ ආහාර දක්වා සෑම දෙයකම ප්‍රධාන යෙදවුමකම මිල ඉහල නැංවෙනු ඇත.

මේ සමබන්ධයෙන් සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා තිබුණේ, අද(4)සිට ක්‍රියාත්මක වන මෙම පියවර ඇමරිකානු වානේ කර්මාන්තයේ අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් බවත්, ඇමරිකානු ව්‍යාපාරවලට ඇමරිකානු සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති වන පරිදි තීරුබදු ඉහළ දැමීමට අවශ්‍ය බවත්ය.

යුරෝපීය සංගමයෙන් පසු ලෝකයේ විශාලතම වානේ ආනයනකරු ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව, බ්‍රසීලය, මෙක්සිකෝව සහ දකුණු කොරියාවෙන් ලෝහවලින් වැඩි ප්‍රමාණයක් ලබා ගනියි.

කෙසේ වෙතත්, විචාරකයින් පවසන්නේ මෙම ආරක්ෂණ පියවරයන් එක්සත් ජනපදයෙන් පිටත වානේ නිෂ්පාදකයින්ට විනාශයක් ඇති කළ හැකි බවත්, වෙළඳ හවුල්කරුවන්ගෙන් පළිගැනීමක් ඇති කළ හැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...