රටේ වත්මන් කොවිඩ් තත්ත්වය අද (04) හෙළි කරනවා – සුව ඇමති නලින්ද

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

මේ වන විට, රට තුළට ඇතුළු වී ඇති නව කොවිඩ් ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තර සාකච්ඡාවක නිරත වන බව, ඔහු සඳහන් කළේය.

මේ වන විට රටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සහ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අද (04) දිනයේදී රට හමුවේ තොරතුරු හෙළි කරනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පැවසුවේ රෝගය හේතුවෙන් සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ, කෙසේවෙතත් රෝගය පැතිර යාම පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් මහජනතාව අනියත බියක් ඇතිකර ගතයුතු නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...