නාමල්ගේ නඩුවකට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර හතරයි දශම තුනක් බදු දිමේ දී සිදුවී ඇති බව කියන රුපියල් මිලියන 70ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද(04) නියෝග කළ බව වාර්තා වේ.

මෙහිදී , මහේස්ත්‍රාත්වරිය දන්වා සිට ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවත් නඩු ගොනුව මහාධිකරණය වෙත යොමුකර ඇති බවත්ය.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර නමුත් , එවැනි කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...