නාමල්ගේ නඩුවකට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක ජුනි 04, කොළඹ LNW :

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර හතරයි දශම තුනක් බදු දිමේ දී සිදුවී ඇති බව කියන රුපියල් මිලියන 70ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද(04) නියෝග කළ බව වාර්තා වේ.

මෙහිදී , මහේස්ත්‍රාත්වරිය දන්වා සිට ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර ඇති බවත් නඩු ගොනුව මහාධිකරණය වෙත යොමුකර ඇති බවත්ය.

මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතර නමුත් , එවැනි කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...