ගිනිබත් වූ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට නිවාස දෙන්න කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට!

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසික පහසුකම් පිළිබඳ සලක බලා පන්නිපිටිය වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් එම මන්ත්‍රීවරු 50 දෙනෙකුට වසරක කාලයක් සඳහා නිවාස ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබේ.

එහිදී ප්‍රමුඛතාව ලබා දීමට තීරණය වී ඇත්තේ පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත නිවාස ඇතුළු දේපළ විනාශයට පත් වූ මන්ත්‍රීවරුන් සඳහාය.

කිසිදු ආකාරයකින් එම නිවාස නොමිලයේ ලබා නොදෙන අතර වසරක කාලයක් සඳහා කුලී පදනමින් ලබා දෙන අතර ඒ අතරතුර එම නිවාස මිලදී ගැනීමේ හැකියාව අදාළ මන්ත්‍රීවරුන්ට ලබා දී තිබේ.

එම නිවාස ඒකකයක වටිනාකම රු.මිලියන 14.2 සිට රු.මිලියන 19.8ක් දක්වා වෙයි.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නේවාසික අවශ්‍යතාව සපුරා තිබෙන මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාස ගරා වැටෙමින් තිබෙන තත්ත්වය මතයි පන්නිපිටිය වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් මන්ත්‍රීවරු වෙත නිවාස ලබා ගැනීමට තීරණය වී ඇත්තේ.

ඒ අනුව මාදිවෙල නිවාස සංකීර්ණය අයත් භූමිය වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා පන්නිපිටිය වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව එළඹෙන සඳුදා දින කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...