ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ බලතල සිමා කිරීමට ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කරයි

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට උත්සාහ කරන පියවරක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ(03)දිනයේදී සම්මත කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් ට්‍රම්ප් යුද්ධයේ ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වීම, සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීත් ඇමරිකාව ඉරානයට එරෙහිව ප්‍රහාර සියත් කිරීම, රට තුළ ඉන්ධන මිල ඉහළ යාම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සාක්ෂාත් කර ගැනීම ඊටත් වඩා දුෂ්කර වීම හේතුවෙන් මෙම ජන්ද විමසීම කර ඇති අතර ඒ වෙනුවෙන් රිපබ්ලිකන්වරුන් හතර දෙනෙකුවන තෝමස් මැසි, බ්‍රයන් ෆිට්ස්පැට්‍රික්, ටොම් බැරට් සහ වොරන් ඩේවිඩ්සන් ඩිමොක්‍රටික් පක්ෂයට එක්ව තිබිණි.

ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට මන්ත්‍රී මණ්ඩලය ගත් සිව්වන උත්සාහය මෙය වන අතර, විචාරකයින් පවසන්නේ එයට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය නොමැති බවයි.

මන්ත්‍රී මණ්ඩල යෝජනාවට තවමත් රිපබ්ලිකන් පක්ෂය විසින් පාලනය කරනු ලබන එක්සත් ජනපද සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍ය වන තර එය සෙනෙට් සභාව තුළ සාර්ථක වුවද, ඉරානයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට මෙම පියවරට හැකියාවක් නැත. මන්ද ජනාධිපති ට්‍රම්ප්ට මෙම පියවර නිෂේධ කළ හැකි අතර, එය අවලංගු කිරීමට සභා දෙකෙහිම තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...