රනිල් රට බාරදුන්නේ ස්ථාවරභාවයක් ඇතුවයි. දැන් මිනිස්සු කබලෙන් ලිපට වැටිලා – නවින්

ජනතාව දැඩි ආර්ථික අසීරුතාවන්ට මුහුණ දෙමින් සිටින බැවින් රජය වහාම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීමට ක්‍රියා කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති, හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාරදුන්නේ යම්කිසි ස්ථාවරභාවයක් ඇතිව. දැන් වෙනකොට දවසින් දවස කබලෙන් ලිපට වැටෙන තත්වයකට තමයි මිනිස්සු පත්වෙලා තිබෙන්නෙ. මොනවා හරි සහන මල්ලක් මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕනෙ. අපි කියන්නෙ මේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල වැට් එක අඩුකරලා සහන මිලකට එන්න මිනිස්සුන්ගෙ ජීවන වියදම අඩුකරන්න කියන එකයි”

නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...