*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ඩෙංගු තර්ජනය නැවතත්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

2024 වසරේ ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් විසිපන් දහසකට අධික සංඛ්‍යාවන් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. පාසල් බොහොමයක මඳුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම දැඩි අවදානම් තත්ත්වයක් බවද කියා සිටී.

“ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් අපි දැක්කා 2023 වර්ෂයේ අග භාගය වෙන විට රෝගීන් 90,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ හා සමානව ජනවාරි මාසයේත් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. 10,000 අධික ප්‍රමාණයක් මේ වනවිට රෝගීන් මේ මාස 05 තුළ 25,000කට අධික ප්‍රමාණය වාර්තා වෙලා තියෙනවා නමුත් ජනවාරි මාසයෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල ක්‍රමක් ක්‍රමයෙන් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දැක්කා. මැයි මාසයේ අග භාගය වන විට සුළු වශයෙන් රෝගීන් වැඩි වීමක් අපි දැක්කා. ඉදිරියේදී මෝසම් වැසි සමග රෝගීන්ගේ වැඩිවීමට අවදානම තියෙනවා. පරිශ්‍ර 93,874ක් අපි පරීක්ෂා කරලා තියෙනවා. මෙතනින් මඳුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 28,310ක් අපි හඳුනගෙන තිබුණා. ඒ වගේම මඳුරු කීටනයන් සහිත පරිශ්‍ර 4,890ක් හඳුනගෙන තියෙනවා. සාමාන්‍යයෙන් සෑම පාසල් 05කට ම එකක් ආසන්න ප්‍රමාණයක මඳුරු කීටයින් බෝවෙන ස්ථාන හඳුනා ගත්තා. ඉතාමත් වැදගත් සහ අවදානම් තත්ත්වයක් ටියුෂන් පන්ති වගේ නැත්වල 9%ක මඳුරු කීටයන් බෝවෙන් ස්ථාන අපි හඳුනගෙන තියෙනවා.”

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමණසේන මහතා පවසන්නේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සංවිධානය කර තිබූ ඩෙංගු මර්දන වැඩසටහන් සියල්ල කල් දැමීමට සිදුව ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan