මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන 235 ක (රු. කෝටි 23,500/-) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (05) දින කැඳවා තිබෙන අතර,මෙය මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කිරීමට සූදානම් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ලෙසින් ඉතිහාස ගත වනු ඇත.

මීට පෙර 2023 දෙසැම්බර් 13 වන දින කැඳවන ලද රු. මිලියන 220,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය මේ දක්වා පවත්වා ඇති විශාලතම බිල්පත් නිකුතුව ලෙසින් වාර්තා වී තිබේ. අද දින වෙන්දේසිය සඳහා පරිණත කාල කාණ්ඩ තුනක් යටතේ පහත සඳහන් පරිදි ලංසු කැඳවා ඇත.

දින 91 – රු. මිලියන 40,000

දින 182 – රු. මිලියන 75,000

දින 364 – රු. මිලියන 120,000

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියළුම අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී ලැබෙයි – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : මාධ්‍ය විසින් කළ...

දයාසිරි ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයට...

බෙන්තර වෙරළින් මතු වූ රු.මි. 700කට අධික අයිස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව...

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

කොළඹ LNW: ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට...