නිශ්මං රණසිංහ ජුනි 05, කොළඹ LNW:
දෙන්නෙක් බැඳෙන කොට හොඳට ගැලපෙන්න අවශ්‍යය වන්නේ එම බැදීමේ ප්‍රතිපල මෙන්ම යහපත් ප්රතිපලදායක බැදීමක් වීමට අවශ්‍යය වන බැවිනි.මේ මොහොතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදය ඔලිම්පික් ක්‍රීඩාවක් හැටියට ලැබෙමින් තිබෙන ක්‍රිකට් මේ වන විටත් යුරෝපාකරයේ බොහෝ රටවල ස්ථාවර වෙමින් ඇත.ඇතැම් යුරොඵිය රටවල ක්‍රිකට් මුල් පුටු උසුලන්නේ ලාංකිකයෝය.එසේම ඇතැම් රටවල ක්‍රිකට් නියෝජනය කරමින් පිටියට බසින්නෝ පමණක් නොව ලෝක වාර්තා තබන්නෝ ද ලාංකිකයෝ වෙති.උදාහරණයක් හැටියට මේ මෑතක් වන තුරුම විස්සයි විස්ස වේගවත්ම ශතකය සම්බන්ධ වාර්තාව සමසේ බෙදා ගෙන සිටි පිරිස අතරේ සිටි චෙකොස්ලොවේකියාව වෙනුවෙන් ක්‍රීඩා කරන සුදේෂ් වික්‍රමසේකර ගාල්ලේ ප්‍රධාන ලෙදර් බෝල ක්‍රිකට් පාසලක අවස්ථාව නොලද ක්‍රීඩකයෙක්.

හැබැයි දැන් සුදේෂ්ලටත් වඩා දුෂ්කර ප්‍රෙද්ශවල පාසල්වලට ක්‍රිකට් ගිහිං තියෙනවා.ජාතික නියෝජනයට ක්‍රීඩකයන්ට එන්න පාර හැදිලා තියෙනවා.ගමට ක්‍රිකට් වැනි සංකල්ප ඔස්සේ මේ ක්‍රිකට් පාර ගම් නියම් ගම් පුරා පමණක් නොවේ,කොළඹ අති දුෂ්කර පහසුකම් නැති පාසල්වලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සොයා ගනිමින් තිබෙනවා.
එතකොට RIDE?
ප්‍රධාන වශයෙන් මෙහි නිස්පාදන හිමිකාරීත්වය පැවරෙන්නෙ සීමාසහිත කාර්ගලිස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වෙතයි.මේ වන විට දකුනේ සිට උතුරටත්,බස්වාහිර සිට නැගෙනහිරටත් විහිද පැතිර ඇති ‘ගෙදර යන ගමං යන උද්ධාතය ඇතුළේ පාරිභෝගික ආකර්ශනය දිනා සිටින කාර්ගිල්ස් සුපිරි වෙළද සැල් සංයුතිය ඇතුළෙ RIDE ගමට ක්‍රිකට් වගේම හැම තැනම ශක්ති ජනක පානයක් හැටියට ගලාගෙන යමින් තිබෙනවා.එහෙම තටු විහිදා දසත විසිරෙන යෝධයන් දෙදෙනෙකුගේ එකතුවක් වෙන RIDE සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බැදීම ඇතුළෙ තියෙන දේශිය ව්‍යාපාරික අනන්‍යතාවය සහිත RIDE සඳහා ක්‍රිකට් විසින් ආක්‍රමණය කර තිබෙන ක්‍රිකට් ලෝකය අභ්‍යන්තරයේ ලාංකේය දායකත්වය තියෙන රටවලට පිවිසෙන්න අවස්ථාවක් මතු වෙමින් තිබෙනවා.
මේක හොඳ ගැලපීමක්.ශ්‍රී ලංකාව තුළ ඉන්න ලේ වල ක්‍රිකට් දුවන මිනිස්සු අතරින්,ශ්‍රී ලංකා ක්‍රිකට් හැටියට ජාත්‍යන්තරය හඳුනාගන්නා විශේෂඥයන් පිරිසකට පිට්ටනියකට බහින කොට වෙහෙසට වගේම රසයට සැහැල්ලුවට සහ සිසිලට අවශ්‍යය කරන ගැම්ම දෙන්න RIDE ඉන්න එක වැදගත් වෙන්නෙ,ඒත් ලාංකේයත්වයේම නියෝජනයක් නිසා.ඩොලර් කළමනාකරනය වැනි ප්‍රශ්න ගැන රටක් වියවුලෙන් සිතන මොහොතක ලෝකයෙන් ඩොලර් ගේන ක්‍රිකට් එක අතකින් ලෝකයට ලංකාවෙ සල්ලි ඇඳෙන එක නවත්තලා RIDE එක්ක ලංකාවෙ සල්ලි ලංකාව ඇතුළෙ නවත්තගන්න වගේම ලංකවට සමහර විට විදේශ සල්ලි ගේන මාර්ගයක් හදන්නත් තියෙන ඉඩ සුවිශාලයි.ක්‍රීඩාව රටේ ආර්ථිකයට සම්පතක් වෙන මාර්ගයකට තල්ලු වෙන මොහොතක ජාතික වගකීමක් හැටියට මේ සරණ මංගල්ලය සීමා කරලා තියෙන 2027 වෙනකම් කාලයත් ඉක්මවා,තව දුරටත් ජාත්‍යන්තරයට විහිදෙන වැඩක් බැදීමක් හැටියට තියාගන්න සහ අගය කරන්න රජයක් හැටියට මේ දිහා බලන්න ඕනි සහ සළකන්න ඕනි ක්‍රමයකුත් හැදෙනවනම් හරිම වැදගත්.
මේවා හුදෙකලා ක්‍රීඩාවකට අදාළ සිදුවිම් නොවේ.ලංකාවේ ක්‍රීඩාව සංස්කෘතියක් විදිහට පිළිගැනීමේ වැඩ පිළිවෙලේ දියුණු අනුග්‍රාහකත්වයක් ස්ථාපිත කිරිමක්.මේ දිනව ලංකාවෙ දිස්ත්‍රික් ක්‍රිඩා සංකීරණ හැදෙමින් ප්‍රතිසංස්කරණ කටයුතු වෙමින් පවතිනවා.ක්‍රිකට් ක්‍රිඩාංගණවල වගේම ඒ තැන්වලත් ක්‍රීඩාවේ අනුග්‍රාහකයන්ට සහනදායී මිලකට සිය ව්‍යාපාරික කටයුතුවලට ඉඩ හැදෙනවනම් ඒ ඉඩ හදාගන්න ක්‍රීඩාවට එන්න හදන ව්‍යාපාරික පිරිස වැඩි වෙයි.එහෙම ඉඩක් නැතුව ඇවිත් ඉන්න RIDE වැනි වෙළද නාමවලට ඒ අතර වැඩ ඉඩක් දිය යුතුව ඇත්තේ රැල්ලක් නැතුව රැල්ලක් හදන්නට මුල පිරිම ගැන හිතලයි.
මීට පෙර දවසක වැඩ බලන ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයාව සිටියදී ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රෙය්දී ක්‍රිශාන්ත කපුකොටුව දේශිය ව්‍යාපාරික සන්නාමවලට ජාත්‍යන්තරය ක්‍රිකට් සමඟ යන්නට ආරාධනා කළා මතකයි.මේ ආරාධනයෙන් ඉනික්බිති කපුවත්ත මෙම අවස්ථාවේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම් ලෙස යළිත් සිහිපත් කර දුන්නේ RIDE පමණක් නොවන දේශිය ව්‍යාපාරික ආයතනවලට තවත් ක්‍රිකට් සමඟ ලෝකයට යන්නට තිබෙන ඉඩ ගැනයි.ඒක රටක් හැටියට සතුටු වෙන්න පුළුවන් මාර්ගයක්.ක්‍රීඩාව එහි ක්රිඩාත්මක ගුණාංග වගේම නූතණත්වය ඇතුළේ වානිජමය වශයෙන් ද රටකට වැදගත් වෙනවා.ක්‍රීඩා ආර්ථිකයක් ගැන නිතර කතා ඇසෙන මොහොතක ඒ කතාවල වචනවලට එහා ගිය ක්‍රියා පදයක්ව පවතින මෙහෙයුමක් ක්‍රිකට් හරහා සිඳුවෙමින් පවතිනවා. RIDE කියන්නෙ ඒ නිසා නොසෙල්වන අජිවී නාම පදයක් නොවන ක්‍රියාකාරි ක්‍රියාපදයක් ලෙස රටේ ක්‍රීඩාව හරහා ආර්ථිකයට සමබන්ධ වෙන වටිනාකමක්.
මේ ක්‍රියාපදය ගැන අපට ඇති හැඟීම ශුද්ධ වූ ක්‍රීඩාව සම්බන්ධ බලයක් ඇති තැන්වලත් තැනපත්ව හිරි ඇරෙන කෙනිත්තුමක් වෙන්න ඕනි.අපිට ඒ හිතෙන හැඟීම ක්‍රිකට්වලට දැනෙන වැඩක් වෙලා තියෙන එක සතුටුයි.බොහෝ ක්‍රීඩාං සංගම් ක්‍රිඩා අමාත්‍යංශය පැත්තට කට හැරුණු පිංකැට වගේ තියෙද්දි අමාත්‍යංශය පැත්තටත් ලංකාවෙ අනිත් ක්‍රීඩා පැත්තටත් සහයෝගයේ අත දික්කරන ක්‍රිකට්වල මේ වානිජමය සාර්ථිකත්වය සභාපති ශම්මි සිල්වා ගේ නායකත්වය බවත් කපුවත්ත පවසා සිටියා.අනෙකුත් ව්‍යහුයන් ගැන කපුවත්ත නොකියා සිටියාට අපට ක්‍රිකට් සහ ඒ ක්‍රීඩා අතර පරතරය දැනෙන තැන ක්‍රීඩකයන්ට ලැබෙන වෘත්තිමය වටිනාකම සහ මූල්‍යමය ශක්තියයි.
RIDE ව්‍යාපාරික වැඩක් විදිහට 2027 වෙනකම් ක්‍රිකට් එක්ක බැදෙන්නෙ තමන්ට ක්‍රීඩාවත් වාරු කරගෙන යන්න වෙන තත්ත්වයේ නැතුව ,ක්‍රිකට් යනු එක පෙළට විශ්වාසයෙන් නොසැලී යා හැකි මට්ටමක තිබෙන නිසයි.ඒ නිසා මේ දෙවසරකට සීමා වුණ ශක්තිජනක පානයේ බැදීම දෙපාර්ශවයටම ආඩම්බර විය හැකි RIDE, PRIDE කරන CRICKET සහ CRICKET, PRIDE කරන RIDE ලෙස හැඳින්වීම අසාධාරණ නොවනු ඇති.
මෙම අවස්ථාවට සීමාසහිත කාර්ගිල්ස් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වෙනුවෙන් අදහස් දැක්වීමට එහි කළමණාකාර අධ්යක්ෂ අර්ජුන කුමාරසිංහ සහ වෙළඳ කළමණාකාරිණි අචිනි විජේකෝන් එක් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් එහි උප ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත එක් විය.ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් කරමින් එහි නායකයන් වන ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකත්,කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් එහි නායිකා චමරි අතපත්තුත් අදහස් දැක් වූහ.
