*
Friday, June 6, 2025
spot_img

Latest Posts

එක මොහොතකින් මිනිස්සුන්ගෙ ජීවිත කතා වෙනස් වෙන හැටි ….

දවස් කීපයක් ඉඳං දුනුකොල රෙපෙයාර් එකට තැනක් හොය හොය හිටියා. නුවර අවට තැනක් රෙකමොදෝරු කරන්න කියපු හැමෝම කිව්වෙ මාපනාවතුර පාරෙ තියෙන සකුරා දුනු වැඩපොල තමා හොඳම එක කියලා. අද දවල් ඉඩකඩ තිබ්බ නිසා හොයාගෙන අදාල ස්ථානෙට ගියා.

මැදි වියේ බාස් කෙනෙක්ට අමතරව ටිකක් වයසක මාමා කෙනෙක් හිටියා එතන. ඉතිං වැඩෙ පටන්ගෙන යන අතරේ මම ඒ මාමා එක්ක කතාවට වැටුනා. කොහේදි හරි වැඩිහිටියෙක් හම්බුනොත් කතාවට වැටෙන එක මම ආසම පුරුද්දක්.

“අහපු අහපු හැමෝම කිව්වෙ මාමා මේ වැඩපල තමා හොඳම කියලා.” මං කතාවට මුලපිරුවෙ එහෙමයි.

“මේ වැඩපල පුතේ මගෙ බෑනගෙ, කුමාර නම, දැනට අවුරුද්දකට කලිං මේ මෙතනම හද හදා හිටපු වාහනේකට යටවෙලා අන්තරා උනා”

මම එක පාරටම ගැස්සිලා ගියා. ඇහුවෙ වෙන ප්‍රශ්ණයක්. උත්තරේ ලැබුනෙ වෙන කතාවක්. මොකද උනේ කියලා අහන්න කුතුහලයක් හිතේ ඇති උනත් ඒ වගේ ප්‍රශ්ණයක් අහන්න මගෙ හිතම අදිමදි කලා.

“පුතත් රියදුරෙක්නේ? මාත් රියදුරෙක් මම අවුරුදු හතලිහක් ලොරි එලෙවුවා.” මාමාම කතාව පටන්ගත්ත එක සැනසීමක් කියලා හිතුනා.

වාහනයක් නවත්තනකොට මේ වගේ පල්ලමක් තියෙන තැනක මොකද්ද කරන්න ඕන? මාමා මගෙන් ඇහුවා.

“හෑන්ඩ් බ්‍රේක් එක අදින්න ඕනෙ මාමෙ අනික මම නම් රිවර්ස් ගියර් එකට දාලා තමයි නවත්තන්නෙ”

“මේ පේන දුර ඩිලිවරි ලොරියක් ඉරිදා දවසක ආවනේ හදන්න කියලා. එදා මගෙ බෑනා නිවාඩු දවසක්, ඉරිදා විතරක් ඩිලිවරි නිවාඩු නිසා ලඟපාත දන්න කෙනෙකුත් නිසා බෑන හා කිවුවා. නාගෙනත් හිටියෙ.”

“වාහනේ යටට ගිහිං පැය කාලකින් විතර හැදුවා. හදලා ඉවර වෙලා වාහනේ යැවුවා. ආයෙ පැය දෙකකින් විතර වාහනේ ආයෙ ආවා.”

” මොකද කියලා ඇහුවම ඩීසල් බටෙන් ඩීසල් ලීක් වෙනවා. ගැරේජ් එක ඇතුලට දැම්මෙත් නෑ පාරෙ ඉඳංම නවත්තලා ලොරියේ මූණ උඩට ඉස්සුවා. ආයෙ බෑනා ලොරිය යටට ගිහිං ලීක් එක හැදුවා. හදලා ඉවර වෙලා ඩැයිවර්ට කිවුවා ඉස්ටාට් කරන්නය කියලා.”

“යතුර ගැහුවා විතරයි ලොරිය පැන්නා බෑනගෙ ඇඟ උඩින්ම.”

ඒ ටික කියද්දි මාමගෙ ඇස් කෙවෙනි තෙත් වේගෙන පිහදාගෙන ගියා. බෑනා මතක් වෙද්දි ඇඬෙන්න මාමා බෑනා අතරේ කොයිතරම්ම බැඳීමක් තියෙන්න ඇද්දැයි මට හිතුනා.

“අර මනුස්සයා පුතා හෑන්ඩ් බ්‍රේක් ඇදලා තිබ්බෙත් නෑ ගියර් එක දාලා තිබ්බෙත් දෙකට”

“ඊට පස්සෙ අපේ ලෝකෙම කඩා වැටුනා වගේ”

මම හිටියේ තවත් කතා කරන්න ප්‍රශ්ණ අහන්න පුලුවන් මට්ටමක නෙමේ.


ලංකාවේ කාර්මික ශිල්පීන්ගෙ ආරක්ෂක විධි විධාන නම් සමහරක් තැන් වල දි ඉතාම මදි. මේ වගේ අවධානම් අවස්ථාවලදි සෑහෙන අනතුරු වෙන්නෙ ඒකයි. කොහොම උනත් නුවර හිටපු දක්ෂම දුණු කාර්මික ශිල්පියෙක්ට ඉතාම අවාසනාවන්ත විදියට ජීවන කතාව නිමා කරන්න උනේ එහෙමයි.

ඉතාම සාධාරණ මිලකට මගේ වැඩේ කරලා දුන්නා. දැන් කුමාර මහත්මයාගෙ බිරිඳ සහ ඇගේ පියාගෙ අධීක්ෂනය යටතේ කුමාර මහතා හිටපු කාලෙම වැඩ කරපු පළපුරුදු කාර්මික ශිල්පියෙක් මෙතන වැඩ කරගෙන යනවා. නුවර අවට දුණුකොල වැඩක් කරගන්නවා නම් මගෙ අද දවසේ වැඩේ ට අනුව සුපිරිම තැනක්.

උඩින් කියපු කතාව කිව්වෙ. ආරක්ෂාව ගැන සෑම විටම හිතන්න කියලා කාර්මික මහ්ත්වරුන්ට මතක් කරලා දෙන්න.

කුමාර බාසුන්නැහේ ගැන දන්න මතක කවුරුහරි මේ පෝස්ට් එක දැක්කොත් කමෙන්ට් එකක් දාන්න.

~ MKCP ශෂීන්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan