තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය – යන තුනයි ලෙඩ තුනයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 05, කොළඹ LNW:

චීන තායිපේ නගරයේ දී 2025 ජූනි 7 සහ 8 දිනයන්හි පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා “ලෝකඩ” කාණ්ඩයේ තරඟයක් වූ තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් ජූනි පස් වෙනදා රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරඟය සඳහා චමෝද් යෝධසිංහ,ලෙසඳු අර්ථවිදු,දිල්හානී ලේකම්ගේ, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු නම් කර තිබුණා. ආබාධ සහ අසනීප තත්වයන් හේතු කොට , අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් වුණා.
එහෙත් අරුණව ඉලක්ක කර ගනිමින් කණ්ඩායම් පුහුනුකරු සහ කළමණාකරු ලෙස පත් කර සිටි අසංක රාජකරුණාම එම වගකීම සමඟ මෙම සංචාරයට එක් වෙනවා.තරගාවලියට සහභාගි වන චමෝද් යෝධසිංහ (පිරිමි මී 100), ලෙසඳු අර්තවිදු (පිරිමි උස පැනීම) සහ දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල) වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියේදී උපරිම ගෞරවය දිනා දීමට ශක්තිය සහ දිරිය ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගේ ඉල්ලීම මත ගුවන් ටිකට් පත්, ආහාරපාන ඉඳුම්හි ටුම් ආදී සියළු වියදම් තායිවාන් මලලක්‍රීඩා සංගමය විසින් දරණු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙම ජාතික ප්‍රයත්නයේදී පෞද්ගලික අංශයේ සහයෝගය අපි බෙහෙවින් අගය කරමු – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

දින 18කට පසු නාවලපිටිය මහනුවර මාර්ගය විවෘත වේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:නාය යාම හේතුවෙන් ගමනාගමන...

කබ්රාල්ට එරෙහි ග්‍රීක බැඳුම්කර නඩුව:අල්ලස් කොමිසමෙන් ගැලවීමක් ඇත්තේම නැද්ද?

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...