සතුට උතුරා ගිහිං කඳුළු ඉහිරීම

Date:

නිශ්මං රණසිංහ ජුනි 05, කොළඹ LNW:

අයිපීඑල් 2025 අවසාන තරගය පැවත්වුණේ එම්.චින්නස්සාමි ක්‍රීඩාංගණයේදී යි.වසර 18 ගෙවුණු තැන බැංගලෝරයට සතුට උදා කරමින් සූරතාවය බැංගලෝරයේ රාස්ථාන් රෝයලස් සතු විය.විරාට් කෝලි වැනි දැවන්තයන් මීට දායකත්වය දැක් වුව ද,ඉතිහාසයේ ඔවුන්ට නායකයන් හැටියට කුසලානය දක්වා යන්නට මඟ පෙන්වන්නට නොහැකි වීම ඉටු කළේ රාජාත් පටිදාර් ය.ටෙස්ට් තරග 3 ට පමණක් ක්‍රීඩා කර ඇති මේ 32 හැවිරිදි ක්‍රීඩකයාට යළි ඉන්දියානු ජාතික කණ්ඩායමට එන්න වයසක් නැත.
ඔහුගේ නායකත්වයෙන් උදා කර දුන් මේ දුර්ලභ සතුට ගැන ලෝකය අද කතා කරන්නේ ඉතා අඩුවෙන්ය.මේ ජයග්‍රහණය සමරන්න ගිය බැංගලෝර් වැසියන් මේ වන විට 11 දෙනෙකු තෙරපීමෙන් මිය ගොස් ඇත.33 ක පිරිසක් රෝහලේය.


මෙහිදි රෝයල් චැලෙන්ජර්ස් ආධාරකරුවන් වැඩිපුර කැදවීමක් සඳහා ඇතුළුවිමේ අවසරපත් ලබා දීමක් සිඳුව ඇති බවටද චෝදනාවක් එල්ල වී ඇත.කෙසේ නමුත් කර්නාටක මහා අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය මහ ඇමතිවරයා ද පවසන්නේ ඔවුන් බලාපොරොත්තු නොවු සෙනඟක් පැමිණිම නිසා වළක්වාගත නොහැකි වූ මේ අවාසනාවන්ත සිඳුවීම වූ බවය.


මේ ගැන පිළිතුරක් ලෙස ගත හැකි අදහසක් ඉදරිපත් කරන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් දේවජත් සයිකියා ය. ඉන්දීය කොදෙව්හිදී ඉන්දියාව T20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු BCCI එවැනි ජයග්‍රාහී සැමරුමක් සංවිධානය කළ ආකාරය පිළිබඳ උදාහරණයකට ගනිමින් ඔහු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ බැංගලෝරයේ සූදානම නිසි පරිදි නොතිබි බව කියන්නය.


‘මුම්බායි ක්‍රිකට් සංගමය – මෙන්ම පොලිසිය, ගිනි නිවන හමුදාව, ආපදා කළමනාකරණ බලධාරීන් ඇතුළු මුම්බායි බලධාරීන් සමඟ හොඳින් සැලසුම් කිරීමක් සිදු විය.ඒ නිසා මුම්බායි හි එතරම් විශාල සැමරුමක් සැලසුම් කිරීමේදී, බොහෝ පිරිසක් එක්රැස්ව මිනිස් මුහුදක් සේ පෙනෙන්නට තිබුණ ද,සියල් නිසි පරිදි මැහැල්ලුවට සිඳු වූණා.‘ ඒ සයිකියාගේ අදහස ය.


ඔහු අයිපීඑල් ඉතිහාසයේ මේ ආකාරයට සිඳු නොවුණු අවස්ථාවක් උදාවීම ගැන බැංගලෝර බලධාරීන්ගේ යම් දුර්වලකමක් තිබෙන්නට ඇති බව තදින්ම විශ්වාස කළ බවක් පෙනෙන්නට ඇත.එහෙත් ඇතැම් රූපවාහිනි දර්ශනවල පොලිසියේ හැසිරීමද සුමට නැත.සමහර විට එම පිරිස් පාලනයට යැයි එවුන් යොදා ගත් සිත් පිත් නැති ප්‍රහාර ද,මේ තෙරපීම නිර්මාණය කර මිනිස් ජිවිත 11 ක් අහිමි කරන තත්ත්වයට එම අවස්ථාව පත් කළා ද වන්නට පුළුවන.


කෙසේ නමුත් ඉතාම සතුටුදායක අවස්ථාවක් සැමරීම බැංගලෝරයට අහිමි වී ඇත.ජයපැන් වලට කඳුළු මුසු වි ඇත.සමහර විට ඕනෑවට වඩා සතුටු වෙන්න යාම නුසුදුසු විය හැකිය.ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත කියන්නේ ඒ නිසා විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාතරින් ජාතික කණ්ඩායමට ආ රශ්මිකා මාතර හොඳම ක්‍රීඩිකාව වෙයි

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

හැත්තෑව දශකයේ දී ග්‍රහණය කරගත් පැරණි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): 70 දශකයේ පැරණි...

වසර දහ අටක් කෑ දීගයක ආනන්දය

නිශ්මං රණසිංහ ජූලි 26, කොළඹ LNW: වසර 18 ක සම්බන්ධයක්...

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW: රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ...