මම ‘අර්බුදයේ අගමැති’ – රනිල් NDTV ට කියයි!

Date:

තමා ශ්‍රී ලංකාවේ ‘අර්බුදයේ අගමැති’ බවත්, රටතුළ පවතින දේශපාලන අර්බුදයට වඩා ආර්ථික අර්බුදයට ප්‍රමුඛතාවය ලබාදීමට තමා කැමති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (05) දින ඉන්දියානු NDTV නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා මුදල් ගෙවීමට දැඩිව අපහසු වාතාවරණයක ශ්‍රී ලංකාව පසුවන අතර, විදේශ විනිමය හිඟයක් සමඟ පෙර නොවූ විරූ පරිදි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී.

පවතින තත්ත්වය තුළ ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පහසුකම ඇතුළු සහයෝගයට තමා ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍යවරයා NDTV වෙත පැවසුවේය.

රටතුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් පළකළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, පවතින තත්ත්වය පාලනය කිරීමට රජය කටයුතු කරන මුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීමට තමා වෙරදරන බව ද සඳහන් කළේය.

එමෙන්ම, රටතුළ මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හා එමඟින් බිහිව ඇති ජන අරගලයට අවශ්‍ය දේශපාලන සංවාදයට වඩා පවතින ආර්ථික අර්බුදයට තමා වැඩි අවධානයක් යොමුකරන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...