කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උතුරු කොරියාවේ රාජ්ය සංචාරයකට එක් වන බව වාර්තා වනවා.
උතුරු කොරියානු නායක, එරට පාලක කම්කරු පක්ෂ මහ ලේකම් කිම් ජොන් උන් මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා එළඹෙන 8වැනි දා සිට 9වැනි දා දක්වා මෙම රාජ්ය සංචාරයේ නිරත වීමට නියමිතයි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්යම කාරක සභාවේ විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුව අද (5) මේ බව ප්රකාශ කළා.
දිනූෂි ධීරසිංහ


