විදුලි පනතට පාර්ශව රැසකගෙන් විරෝධය – පනතට විරෝධය පළකළ කස්සප හිමිත් අත්අඩංගුවට!

0
256

කොළඹ LNW:පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරතවෙමින් සිටියදී උන්වහන්සේ එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

නව විදුලි පනතට එරෙහිව මේ වන විට දේශපාලන පක්ෂ වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධානවල විරෝධය එල්ල වී තිබෙන අතර එම පනත සම්මත කර නීතියක් බවට පත් කිරීම තුළ රටේ බලශක්ති සුරක්ෂිතතාව අර්බුදයට යන බවටයි ඊට එරෙහි පාර්ශව කරුණු දක්වමින් පවසන්නේ.

විශේෂයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයද එම පනත සම්මත කිරීමට කටයුතු නොකරන ලෙසයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ.

එම පනත කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති හෙයින් ඇතැම් කරුණු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගෙන් හා තවත් කරුණු ජනමත විචාරණයකින් අනුමත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වා තිබෙන සංශෝධන ඇතුළත් කරන්නේ නම් සරළ බහුතරයකින් සම්මත කර හැකි බවටද දන්වා ඇත.

කෙසේවෙතත් බොහෝ පාර්ශව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ එම පනත සම්මත කිරීමෙන් වළකින ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ