ඉන්දියානු ශ්‍රී ලංකා විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමේ සැලැස්මක්!

Date:

කොළඹ LNW: ඉන්දියානු ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර තිබේ.

දශක දෙකකට වැඩි කාලයක් පුරා සාකච්ඡා වූ කලාපීය බලශක්ති ජාලගත කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරමින්, 2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ව්‍යපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බව සඳහන්.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙළේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමඟ මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුකර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...