*
Friday, May 10, 2024
spot_img

Latest Posts

බදු ගැන තීරණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ,දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙන අතර ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ,
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇති බවයි .

ඒ අනුව රජය සඳහන් කරන්නේ , බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුව ඇති බවයි.

දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතින අතර ,  අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර සඳහා වන නිදහස් කිරීම් මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් මත සිදුකරන පීඩනය ලිහිල් කිරීම සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ ආරක්ෂා කරන නිදහස් කිරීම් තවදුරටත් රඳවාගෙන එකතු කළ අගය මත බදු නිදහස් කිරීම්වලින් බහුතරයක් ඉවත්කිරීමටත් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් නියමිත බව සඳහන් .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan