අනුර දිනූ ගමන් ඡන්ද පෝලිමක්. පාර්ලිමේන්තුවයි, පළාත්සභායි, ප්‍රාදේශීය සභායි ඔක්කොම අපේ අතට නොගෙන පුනරුදය කරන්න බෑ – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව පළවෙනි පැයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කැඳවන බවත් පාර්ලිමේන්තුවේ මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ලේමත් බලය තම පක්ෂයට ලබාගැනීමට කටයුතු කරන බවත් ජාජබ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපේ ජනාධිපති ආපු ගමන් පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම පළවෙනි දවසෙම පළවෙනි පැයේම විසුරුවනවද නැද්ද ? විසුරුවනවා. අනුර සහෝදරයා දිනපු ගමන් අපි කරන පළවෙනි වැඩේ මෙන්න මේක. අපේ වැඩේ. මේ හොර ගුහාව, කුණු ගොඩ සුද්ද කරන්න එපැයි. ජනාධිපතිවරණය තිබ්බා, දිනුවා, දිවුරුම් දුන්නා, දිවුරුම් දීපු ගමන් තියන පාර්ලිමේන්තුව ඉවරයි. ආයෙ මහමැතිවරණයක්. ජනාධිපතිවරණය දිනලා, මහමැතිවරණය තියලා ඒකත් සුද්ද කරලා, පළාත්සභා තියලා ඒකත් සුද්ද කරලා, පළාත් පාලන ඡන්දය තියලා ඒකත් සුද්ද කරලා, මුළු රටම මාලිමාවේ අතට ගන්නවද නැද්ද ? එහෙම ගන්නෙ නැතිව පුනරුදයක් කරන්න පුළුවන්කමක් නෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

ලාල්කාන්ත මහතා මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගය බලාපොරොත්තු වන පුනරුදය ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන 200ක මහා බලයක් ලබාගත යුතු බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...

කොළඹ නගර සභාව : රීසා – බල්තසාර් සටනේ නවතම තත්වය මෙන්න !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා...

ලාල් බබා ….

විපක්ෂ භූමිකාවෙන් අයින් වෙලා දැන් ආණ්ඩුකරණ භූමිකාවේ ඉන්න ලාල්...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණ වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 16) දිනයේදී බස්නාහිර, සබරගමුව,...