*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 220 වැනි ස්මාර්ට් පන්ති කාමරය දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලනය යනු දේශයට සේවය කිරීම මිස පක්ෂ ප්‍රවර්ධනය පමණක් නොවන බවත් එය පරිණතව කළ යුතු බවත් ආණ්ඩු බලය ලබා ගෙන වැඩ කරනවා සේම විපක්ෂයේ සිටත් වැඩ කිරීමට පුරුදු වන ලෙස සෙසු පක්ෂවලින් ද ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභයගේ ලක්ෂ 20 ජාතික පාසල් මේ වන විට අහෝසි කර ඇති බවත් එවැනි ව්‍යාජ සංවර්ධන ව්‍යාපෘතිවලින් තොරව මෙන්ම ⁣පළාත් හා ජාතික පාසල් වශයෙන් බෙදීමකින් ද තොරව සියලු පාසල්වලට එක හා සමාන සැලකිල්ලක් තමන් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද වන විට තමා මේ සිදු කරන සේවාවට මුහුණු පොත හරහා මුදල් ලබා දී සංවිධානාත්මකව මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමා කිසිම අවස්ථාවක මත්පැන් මත්ද්‍රව්‍ය බෙදා දුන්නේ නැති බවත් මේ සුහුරු පන්ති කාමර බෙදිල්ලට විරුද්ධ වන්නේ අධ්‍යාපනයේ සදාකාලීක බෙදීමක් පවත්වා ගැනීමට කැමති අය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 220 වැනි අදියර යටතේ දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (03) එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළ අතර මෙවර උසස්පෙළ විභාගයෙන් A3 ක් ලබා අම්පාර දිස්ත්‍රික්කයෙන් 6 වැනියා වූ දියණියකට රු.25000ක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ දේශපාලනඥයන් සිංහල පමණයි දමිළ පමණයි කියා සමාජ බෙදීමක් ඇති කර ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් සිතන්නේ පාසල් දරුවන් හා රටේ ජනතාව ගැන නොව ජාතිය හෝ ආගම අවුස්සා හරි ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ පටු දේශපාලනය බැහැර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

තමා පසුගිය කාලයේ සිටි නායකයෝ මෙන් බොරැ පොරොන්දු ලබා නොදෙන බව පැවසූ ඒ මහතා තමා කිසිම අවස්ථාවක ජනතාව රැවැටීම හෝ ඇන්දවීම නොකරන බවත් කරන්න පුළුවන් දේ කවර ආකාරයෙන් හෝ කරන බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. එමෙන්ම සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 220ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2455ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan