රනිල් 2015 – 20 අගමැති වෙලා හිටියානෙ, කරපු දෙයක් නෑනෙ – අලි පොහොට්ටු සන්ධානයක් ගැන නාමල් කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතා 2015 – 2020 අතර කාලසීමාවේ රටේ අග්‍රාමාත්‍ය තනතුර දැරුවත් රටට කළ දෙයක් නොමැති බවත් ඉදිරි මැතිවරණ ගැන තීරණයක් ගැනීමට සිදුවන්නේ ඒ ගැනත් සලකා බලමින් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“පැහැදිලිවම මැතිවරණ කල්දාන එකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2015 ඉඳන් 2020 වෙනකල් මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදියට හිටියානෙ, කරපු දෙයක් නෑනෙ … ඉදිරියේදී එන මැතිවරණවලට ඒක වෙනම මැතිවරණයක්. ඒ පිළිබඳව අපි මේකෙ තියෙන පෆෝමන්සුත් බලලා, අපිට තීන්දුවක් ගන්න පුළුවන්. පොදුජන පෙරමුණ විදියට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානගත වෙනවා නම් ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනෙ. ඉතින් මම පක්ෂය හදලා දෙන්නම්, කිට් එක මහගෙන ඉන්න ඕනෙ කෙනෙක්ට ඇඳගන්න පුළුවන්”

ප්‍රශ්නය – ඔබතුමාට කිට් එක බාරදුන්නොත් ?

“මම අඳින්නේ ජාතික ඇඳුමනෙ … ඒක හින්දා ෆුල් සූට් එක මට අදාළ වෙන්නෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (06) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...

ජනතාව කැමති වුණත් අකමැති වුණත් රටට අවශ්‍ය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහබැංකු අධිපති

සටහන - රුවන් නෙළුගොල්ල ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්‍ය ප්‍රතිපත්ති...

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...