*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

හෙට වෙනුවෙන් අද ඇමෙරිකාව කියවාගන්න

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 07, කොළඹ (LNW):

විස්සයි විස්ස ලෝක කුසලානයේ සත්කාරකත්වයට ඇමෙරිකාවේ හවුල්වීම සහ ඊට අයිසීසීය එකඟවීම ගැන ද යමෙකු තුළ මතු වූ විශ්මයාර්ථය මේ වන විට පහවෙමින් පවතියි.එහි පළමු පියවර ඇමෙරිකාව තැබුවේ බංගලාදේශය ලෝක කුසලානය අභිමුව විස්සයි විස්ස තරගාවලි පරාජයකට පත් කරමින්ය.පහසුවෙන් පරාජය වන්නට තරගාවලිය සූදානම් කර නැති බව තව දුරටත් පැහැදිළි කරමින් පකිස්තානය සමඟ පැවති ලෝක කුසලාන තරගය ඇමෙරිකාව ජයගන්නේ පළමුව සුපිරි පන්දු ඕවරය දක්වා තල්ලු කරමින් සහ දෙවනුව සුපිරි පන්දු ඕවරයේ දී තරගය ජය ගනිමින්ය.


මේ වන විට ඇමෙරිකාව සතුව ලෝකයේ විවිධ රටවලින් එරටට සංක්‍රමණය වූ ක්‍රීඩා දක්ෂයන් බොහෝ වෙති.ක්‍රිකට් ක්‍රීඩාවද ඒ ජීවත්වීමේ වැඩි සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය මත පෝෂණය කරන්නට ඉදිරියේදී ලෝකයේ සිටින දක්ෂ ක්‍රීඩකයින් ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ඉඩ ඇත.විශේෂයෙන්ම මේ වන විට යම් පිරිහීමක් දකින්නට තිබෙන කොදෙව් දූපත්වල ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතයට ඇමෙරිකාව විශාල බලපෑමක් ඇති කරන්නට ඉඩ ඇත.


දියුණු විද්‍යාත්මක සහ තාක්ෂණික වශයෙන් පිරුණු සමාජ පරිසරයක මානව සම්පත් කළමණාකරණය සහ සංවර්ධනය ඉහළ ප්‍රමිතියෙන් පවත්වා ගැනීම ක්‍රීඩාවට ද අදාළ නිසා දක්ෂතා සුරක්ෂිතභාවය,සංවර්ධනය මෙන්ම ඒවාට නිසි ඇගයීමක් ලැබෙන වැඩ සැළසුම් ද සමඟ ඇමෙරිකාවේ ක්‍රිකට්වල බලපෑම හෙට ලෝකයට තදින්ම දැනෙනු ඇත.


එහෙත් ඇමෙරිකාව විස්සයි විස්ස ක්‍රිකට් ආකෘතියෙන් ඔබ්බට යනු ඇත්දැයි සිතීම තව දුරටත් අවිනිශ්චිතය.වේගවත් වීම සහ කාල කළමණාකරණයේ වැදගත්කම සිතන නිෂ්පාදන ආර්ථිකයක් සහිත කාර්යක්ෂම ජීවන රටාවක් සහිත ඇමෙරිකානු සමාජය ටෙස්ට් ක්‍රිකට් වැනි විෂයකට අනුගත වේ ද යන්න එකවරම සිතිය නොහැකිය.එහෙත් නව පෙණුමක් දෙමින්,හැකියාවන් වඩාත් ජයග්‍රාහී දිශානතියකට යොමු කිරීමේ අවශ්‍යයතාවය පදනම් කරගෙන ක්‍රිකට් හැදෑරීම වඩාත් ඉහළ මට්ටමකට ගෙන ආ යුතු පර්යේෂණ කාර්යය විස්සයි විස්ස ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇමෙරිකාව විසින් ඉටු කරන්නට ඉඩ ඇත.


ඒ නිසා ඇමෙරිකානු ජයග්‍රහණය පකිස්තානයට එරෙහිව සිඳු වූ අනපේක්ෂිත සිඳුවීමක් ලෙස සරලව ගත නොහැකිය.එකම තරගයක දෙවතාවකදී එය සිඳුවීමම අනපේක්ෂිත ලෙස ගත නොහැකිය.පළමු මොහොතේ ලකුණු ගණන සම කිරීම මෙන්ම දෙවන වර සුපිරි පන්දු ඕවරයේ දී ලකුණු 18 ක් ලබා ගෙන පකිස්තානය ලකුණු 13 ට සීමා කිරිම ම සැළසුම් සහගත ජයග්‍රහණයේ හැකියාව පෙන්වන සිඳුවීමක්ය.


ක්‍රිඩකයින් ලෙස මේ ජයග්‍රහණයට දායක වූ පිරිස නම් ලෙසින් ගෙන හුවා දැක්වීමට වඩා මේ මොහොතේ වැදගත් රටක් හැටියට ඇමෙරිකාව ලද ජය සමස්ත ක්‍රිකට් ලෝකයට කරන බලපෑම ගැන සිතීමය.මන්ද ආගන්තුක මට්ටමෙන් ලෝක කුසලානයට මුහුණ දෙන නවක ඇමෙරිකාව, මේ තබන පියවර ඔවුන් රටක් හැටියට ලෝකය තුළ පවත්වාගෙන යන ස්ථාවරත්වයට,දියුණුවට සාපේක්ෂව ගත් විට අහඹුවක් නොවන බව තේරුම් ගත යුතුය.දක්ෂයන්ගේ හැකියාවට මාතෘත්වය දෙන පොළවක, විවිධ දක්ෂතා වෙනස් කාරණා මත නොසළකන බිම් ඇති රටවලට වඩා ඇමෙරිකාව දක්ෂයන් අවශෝෂණය කර ගනු ඇත.සෙසු ක්‍රිකට් රටවල් මේ ගැන අවධානයෙන් සිටිය යුතුමය.හෙට විස්සයි විස්ස වෙනුවෙන් බොහෝ රටවලට කළින් ඇමෙරිකාව කියවෙන බවට දුන් ඉඟියක් ලෙස ඇමෙරිකාව විසින් පකිස්තානය පරාජය කිරීම තේරුම් ගැනීම වැදගත්ය.
පහත ඇත්තේ ලකුණු පූවරුවට පිවිසෙන මඟය.
https://es.pn/45eaXEi

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan