පනත සම්මත වීම ගැන කණගාටුයි.ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිනවා – CEBEU

කොළඹ LNW:නව විදුලි බල පනතට අදාළව පාර්ශවකරුවන්ගේ අදහස් නොසලකා හරිමින් ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සිය කනසල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහය දුන්නද පසුගිය කාලය පුරාම උත්සහ කළේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් පනත් කෙටුම්පත් සංශෝධනය කර ගැනීම වෙනුවෙන් බවයි.

මෙම පනත කෙටුම්පත් ගැන උනන්දුවක් දක්වන පාර්ශව නිසා ඊට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථා විරෝධී බවට සහතිකයක් ලැබුණු අතර අමාත්‍යවරයා සභාගත කළ පනත් කෙටුම්පත සැබෑ ලෙසම රටට අනතුරුදායක බව තහවුරු වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසන්නේ.

පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ තීන්දුව ගැන සාකච්ජා කිරීමට ආංශික අධික්ෂණ කාරක සභාවට පැය හටහ්රක පමණ කාලයක් ලබා දීමත් උනන්දුවක් දක්වන පාර්ශව වෙත ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට කාලයක් නොදීමත් යන කරුණු නිසා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදු වූ ආකාරය ගැන සෑහීමකට පත් නොවන බවද එම සංගමය අවධාරණය කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ඉල්ලීමද නොසලකා හරිමින් අමාත්‍යවරයා උද්ධච්ච ආකාරයෙන් හැසිරුණු ආකාරය ගැනද ඉංජිනේරු සංගමය අවධානය යොමුකර තිබේ.

කෙසේවෙතත් මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ සඳහා එනම් සම්පුර්ණයෙන් නව නීති සම්පාදනය සඳහා හෝ අනුමත පනත් කෙටුම්පතට සලකිය යුතු සංශෝධන ඉදිරිපත් කිරීමට ලංකා විදුලි ඉංජිනේරු සංගමය අඛණ්ඩව පෙනී සිටින බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...