*
Friday, October 18, 2024
spot_img

Latest Posts

ගංවතුර ආපදාවන්හි නවතම තත්ත්වය මෙන්න!

කොළඹ LNW:පසුගිය පළමුවැනිදා සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ වන විට දිස්ත්‍රක්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113 ක ජනතාව පීඩාවට පත්වුණු අතර පවුල් හැටදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම නිසා යම් යම් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පුද්ගලයින් 239000කට වඩා වැඩි සංඛ්‍යාවක් ආපදාවට පත්ව සිටින අතර මරණ 24 ක් වාර්තා වී තිබෙන බවයි කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ.

විශේෂයෙන්ම ගංවතුර වතුර නැරඹීම මෙනම් ගංවතුරවල ක්‍රීඩා කිරීම, විනෝද වීමට යන පිරිසක් සිටින බවත් එයින් වැලකී සිටින ලෙසයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.

”විශේෂයෙන්ම අපි නැවතත් ඉල්ලා සිටිනවා ගංවතුර නැරඹීමට යෑමෙන් වළකින්න,ගංවතුර සහිත ජලය භාවිතා කිරීමෙන් වළකින්න. එය ඉතා අනතුරුදායකයි,එමෙන්ම මෙම ගංවතුරෙන් දිය නෑම ද වළකින ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අර්ධ නිවාස හානි පන්දහසකට වඩා වැඩියෙන් වාර්තා වෙලා තියෙනවා.දැනට ආරක්ෂිත ස්ථාන සියයට ආසන්න ප්‍රමාණයක් පමණයි පවතින්නේ. පුද්ගලයින් හත්දාහකට ආසන්න ප්‍රමාණයක් තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රඳවා ඉන්නවා. ඒ වගේම පසුගිය දිනවල දෛනික ආහාර සහ පිසූ ආහාර සඳහා දෙන සහනාධාරය සියයට 33කින් වැඩි කරන්න අපි තීරණය කළා. මේ අතරට තේ, කිරිපිටි වැනි දෑ ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් දසදාහක මුදලක් පරිත්‍යාගය කරනවා. මහ ගංවතුර තිබුණු ස්ථාන තවමත් සුළු ගංවතුර තත්ත්වය තියෙනවා. තවදුරටත් ගංගා ආශ්‍රිතව ජීවත් වෙන අය අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම නායේ යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදන ඉවත් කරත් දිස්ත්‍රික්ක කිහිපයකට අවධානයෙන් සිටීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ” යනුවෙන් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan