*
Tuesday, January 21, 2025
spot_img

Latest Posts

සුදුස්සාගේ ජයග්‍රහණය පිණිස වන නාට්‍යයේ ප්‍රකාශනයට සූදානම් වන අරගලය

දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතු
ම’කියනා ලෙස මෙ ලෙද ලැබිය යුතු අයටම ලැබිය යුතු
මව් ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
රියදුරු මනා වූ ලැබිය යුතු වූ සේම අස් රිය
මුදු ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනා වූ දිනිය යුතු වූ සේම ගම් බිම්

ඉහත වචන පෙළ ලංකාවේ නාට්‍යලෝලීන්ගේ හෘදය පත්ලේම රැඳුණු වචන පෙළකි.ඒ හුණුවටය නාට්‍යයේය.එය අපට වඩාත් සමීප වන තවත් සාධකයක් වන්නේ බෞද්ධ සාහිත්‍යයේ වන මහෝෂධ කතා වස්තුවේ එන දරු ප්‍රශ්නයට දක්වන සමාන සමීපත්වයය.ලාංකේය නාට්‍ය කලාව තුළ අත හැර යා නොහැකි නාට්‍යකරුවෙක් වන හෙන්රි ජයසේන මෙම නාට්‍ය වේදිකාවට ගෙන එන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ The Caucasian Chalk Circle නාට්‍ය පාදක කරගෙනය.

නමුත් ඒ අතිශයින් මාතෘත්වය සම්බන්ධ දැඩි සංවේදී හැඟීම් අවදි කරන නාට්‍යාත්මය පැන නඟින්නේ සෝවියට් සංගමයක ගොවි බිමක අයිතිය සම්බන්ධ ගැටළුවක් මූලික කරගෙනය.එහිදී බ්‍රෙෂ්ට් අතිශයින් සංවේදී මාතෘ දාරක ස්නේහයේ බැදිම පාදක කරගෙන දරුවන් වැඳූ මවට වඩා හැඳූ බවට සනාත කරන්නේ දරුවාට ඇති ආදරණිය බැදීම සම්බන්ධයෙන් උදාහරණ දෙමින්ය.එයම බ්‍රෙෂ්ට් “ගොවි දන මනා වූ දිනිය යුතු වූ සේම ගම් බිම්” යනුවෙන් ගොවි බිමේ අයිතිය එහි දාඩිය හලන ගොවියාට පැවරිය යුතු බව පවසයි.
මේ ජන අරගලයක මතුවන හුණුවටය මෙන් ලාංකේය දේශපාගන ඉතිහාසය තුළ වෙනස්ම ආකාරයකින් ජනතාව ඒකරාශි කළ ජන අරගලය තුළ අරගලයේ පණිවිඩය සමාජගත කිරීමේ වෑයම නාට්‍ය හරහා කිරීමේ උත්සාහයක් ජන අරගලයේ කලාකරුවෝ සමඟ එක්ව වර්ක්ෂොප් ප්ලේයර්ස් නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් ජෙරොම් ඩී සිල්වා ආරම්භ කරේ ජූනි 05 වන දා ය.
අරගලයේ රැඳෙන්නන්ගේ ප්‍රකාශනයේ සෞන්දර්යය සහ දේශපාලනය ද,අරගලයට ආදරය කරන්නන්ට ඒ හා සබැඳෙන ප්‍රකාශන ප්‍රවිශ්ඨයද සහිතව දියත්වන මෙම වැඩ මුළුව විවෘත එකකි.සෑම ඉරු දිනකම පැවත්වෙන මෙම වැඩ මුළුව පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
වර්ක්ෂොප් ප්ලේයර්ස්ලා වැඩ කරන්නෙ සාමාන්‍යයෙන් ලයනල් වෙන්ඩ්ට් එකේ.ඒත් අපි බ්‍රෙෂ්ට් කිව්වා වගේ ගොවියන්ට ගොවිබිම් දිනා දීලා තමයි එතැනට යන්නෙ.ජන අරගලය සමඟ ඒකාත්මිකව විවිධ කලා නිර්මාණවලට පන දෙමින් සිටින ජෙරොම් පවසන්නේ දැඩි විශ්වාසයෙන්ය.මෙම භුමියේ පටන්ගන්නා නාට්‍ය ක්‍රියාවලිය අරගලය ජය ගැනීමෙන් ඉනික්බිතිව ද නොනැවතී ලාංකේය වේදිකා නාට්‍ය කලාව සමඟ සුරැකෙන බවට ජෙරොම් ඉඟි කරන අතරේම හුණුවටයේ අරගලයේ යථාර්තය ද පොළව තේරුම් ගෙන ඇති සැටියකි.
ලංකාවේ දේශපාලන කියවීම තුළ සිඳුව ඇත්තේ ද දිගින් දිගටම එකම පංතියක පිරිසක් කුමන හෝ දැසි දස්සන් පිරිසක්ද රුකුල් කරගෙන භාණ්ඩාගාරයේ ධනය බෙදා ගැනීමේ ක්‍රියාවලියකය.හුණුවටයේ සිඳුවන්නේ ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සඳහන් කැරැල්ලක් නොවේය.ආදිපාදවරයාට එරෙහිව අබෂ්විල්ලි කුමරු හා කුමාරවරුන් එක්ව කරන කැරැල්ලක්ය.එහෙත් එහි යටිපෙළින් කියවෙන්නේ වදන තරම් හැදීම පහසු නැති බවය.හදන්නියගේ මව් ගුණය ප්‍රබල බවය.වැදූ ඇත්තියට ඇත්තේ හුණුවටය තුළ භාණ්ඩාගාරයේ ධනයට ලේ උරුමයෙන් අයිතිය පැවසීමට සාක්ෂියක්ය.එය මානව ධර්මයේ නිතියට පටහැනි බව තීරණය වීමෙන් ඉනික්බිතිව ගැයෙන ගැයුම සමාප්තියේ ඇත්තේ “ගොවි දන මනා වූ දිනිය යුතු වූ සේම ගම් බිම්” යන්නය.

එසේනම් හිමිකරුවාගේ අරගලයට කරන ඒ ආරාධනය ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයේ සංඛේතයය. භාණ්ඩාගාරය බෙදා ගන්නට බදා ගන්නට වරින්වර කුමාරවරු කරන ලද අරගලයේ ස්වභාවයට වඩා මෙය වෙනස්ය.පුරවැසියා දේශපාලනික වීම තුළ ඔහු තමන්ගේ පාලනයේ ස්වභාවය කවරාකාරයක් විය යුතු ද,එහි නෛතික හැඩය කිනම් ආකාරයක් ගත යුතුද යන කරුණු මෙහිදි සාකච්ඡාවට ගැනෙමින් ඇත.ඉතිහාසයේ පෙර නොවූ විරූ හැඩයක් සහ නොතිබි සුජාතමය හැඩයක් මේ අරගලයට එකතු වි ඇත.

ඒ නිසා ජන අරගලයේ කලාකරුවෝ හරහා වර්ක්ෂොප් ප්ලේයර්ස් වෙනුවෙන් ජෙරොම් මෙහෙයවන නාට්‍ය වැඩ මුළුවේ ජෙරොම්ගේ සිට සහභාගීත්වය දක්වන සියල්ලගේ අපේක්ෂාව දේශපාලනික වශයෙන් පවතින සංදර්භය වෙනස් වීමය.පුරවැසියා සතු හිමිකම දේශපාලනික වශයෙන්,සමාජීය වශයෙන් මෙන්ම නෛතික වශයෙන් පුරවැසියාගේ හිමකම් සුරක්ෂිත කිරීම දක්වා පාලකයාගේ පැවත්මේ සිට කන පිට පෙරැලීමය.එයට සම්ප්‍රදායික දේශපාලනයට ඇතුල්විය හැක්කේ වෙනස්වීමකින් පමණි.සියල්ල වෙනස් වෙන දවසක අපේක්ෂාව මූලික කරගෙන ගෝඨගෝගම වේදිකාවට තිළිණ කරන දායාද හෙට තව බොහෝ දේවල් දිනා ගන්නට රටකට මඟ කියනු ඇත.ඒ ප්‍රතාශයේ ගැඹුර සහ හරය වඩාත් ආකර්ශණිය හැඩයකින් කියන්නට මැයි 19 වන දා සිට ඔබටත් ගෝඨාගෝගම පාසලට එන්නට හැකිය.

වෙලාව පෙරවරු 10.30 ය.නිමාවන්නේ පස්වරු 4.00 ට ය.විනය වැදගත් වීම සහභාගි වන වෙලාවේ සිටම පරමාදර්ශීව ඔප්පු කරන්නට ඔබ පෙරවරු 10.30 වන විට එහි රැඳී සිටිම වැදගත්ය.පහත ඇත්තේ පළමු දවසේ නාට්‍ය වැඩ මුළුවේ අවස්ථා කිහිපයක්ය.මෙය සුවිසල් නාට්‍ය විෂය නිර්දේශයක ප්‍රායෝගික කියවීමේ වැඩ බිමකි.ස්ටැනීස්ලව්ස්කි,බ්‍රෙෂ්ට්,පීටර් කෘස්,හොලි තියටර් වැනි නාට්‍යමය ක්‍රමවේද කොළ කෑලි පසෙක දමා සිරුරත් මනසත් සමග ඉන්දන සහ ලියලන බිමක් බැවින් අඛණ්ඩ සහභාගීත්වය ද වැදගත්ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan