අපේ පැරණි ශිෂ්ටාචාරය යළි ඇති කළ යුතුයි. සෑම ගෙවත්තකම ඖෂධත් වවන්න – දිනේෂ්

මෙරට පැරණි කෘෂිකාර්මික ශිෂ්ටාචාරය යළිත් පිහිටුවා දේශීය නිෂ්පාදන අතිරික්තයක් ඇති කර ලෝකයේ වෙනත් රටවලට ද ආදර්ශයක් සැපයිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

“අපේ පැරණි කෘෂි ශිෂ්ටාචාරය යළි ඇති කළ යුතුයි. අතීතයේ දී ශ්‍රී ලංකාව වෙනත් රටවලට කෘෂිකර්ම නිෂ්පාදනය තුළ ආදර්ශමත් රටක් වුණා. අපේ ගෙවත්ත දේශීය බෝග වගාවෙන් සරු කර ගත යුතුයි . එමෙන්ම සෑම ගෙවත්තකම දේශීය ඖෂධ වර්ග ශාක වගා කිරීමට පෙළඹිය යුතු අතර සෑම තරුණ සහ පාසල් ළමුන් ඊට යොමු කර එම වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොරකාපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...