විදේශයක සිටි පැමිණි දෙදෙනකුට මංකිපොක්ස්

0
438

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදේශයක සිට මෙරටට පැමිණි එකම  පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිපොක්ස් වැලඳී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසූවේ , මවට සහ දියණියට එලෙස මංකිපොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

එම පවුලේ පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී ඇති බවත් , මව සහ දියණිය ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව සඳහන් .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??