පොහොට්ටුවේ දොලවත්තගේ සහය රනිල්ට!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කර තිබේ.

අර්බුදයකට ගිය රට නැවත යථාතත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරි ජනාධිපතිවරනයේදී සහයෝගය ලබාදෙන බවයි දොළවත්ත මහතා පවසන්නේ.

කයිය නායකයන්ට තවදුරටත් අවස්ථාවක් නොමැති අතර සජිත් ප්‍රේමදාස මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා තව කල් තිබෙන බවත් ඉතුරු අවුරුදු 5 ත් ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් ඔහු කියාසිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමන්ට කුඩම්මාගේ සැලකිලි තිබුණත් තමන් පක්ෂය විවේචනය නොකරන අතර හරි තැන එදත් අදත් හිටගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...