පොහොට්ටුවේ දොලවත්තගේ සහය රනිල්ට!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කර තිබේ.

අර්බුදයකට ගිය රට නැවත යථාතත්ත්වයට පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරි ජනාධිපතිවරනයේදී සහයෝගය ලබාදෙන බවයි දොළවත්ත මහතා පවසන්නේ.

කයිය නායකයන්ට තවදුරටත් අවස්ථාවක් නොමැති අතර සජිත් ප්‍රේමදාස මහතාට සහ නාමල් රාජපක්ෂ මහතාට ඒ සඳහා තව කල් තිබෙන බවත් ඉතුරු අවුරුදු 5 ත් ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් ඔහු කියාසිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තමන්ට කුඩම්මාගේ සැලකිලි තිබුණත් තමන් පක්ෂය විවේචනය නොකරන අතර හරි තැන එදත් අදත් හිටගන්නා බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...