පලස්තීන වැසියන් 200ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට!ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ප්‍රහාර!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 200ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

හමාස් සෞඛ්‍ය අංශය නිවේදනය කරන්නේ, ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු හා තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරීගොස් ඇති බවයි.

ඊශ්‍රායලය ගුවන් පාබල හා නාවික යන අංශ තුනෙන්ම මේ වනවිට ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

නුසෙයිරත් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අවතැන් කඳවුරකට හා පාසලකට දැඩි හානි සිදුවූ අතර සියයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව ද වාර්ත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...