හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයේ 79 වැනි සංවත්සර සැමරුමට ඊශ්‍රායලයට ඇරයුම් නෑ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අගෝස්තු 9 වැනිදා හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයේ 79 වැනි සංවත්සරය වෙනුවෙන් සාම උත්සවය පැවැත්වීමට නියමිත අතර, මෙම සැමරුම් උත්සවයට බොහෝ රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් වෙත ආරාධනය කර ඇති අතර හිරෝෂිමා නාගසාකි නගරාධිපතිවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලයට මේ සඳහා ආරාධනය නොකරන බවයි.

සාමය වෙනුවෙන් පවත්වන මෙම සැමරුමට පලස්තීනයේ ජන සංහාරයක් සිදු කරන ඊශ්‍රායලය වැනි රටක් සහභාගී වීම අවශ්‍ය නොවන බව එයට හේතුව ලෙස ඔහු සඳහන් කර ඇත. වහාම සටන් විරාමයක් ඉල්ලා ටෝකියෝ හි ඊශ්‍රායල තානාපති කාර්යාලයට ලිපියක් යවන බව නගරාධිපති Suzuki පැවසීය.

සෑම වසරකම මැයි අග සිට ජූනි මස මුල දක්වා නාගසාකි නිලධාරීන් ජපානයේ සියලුම තානාපති කාර්යාල වෙත මෙලෙස ආරාධනා යවන බව සඳහන් වේ. 2022 දී මොස්කව් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වූ දා සිට රුසියාව සහ බෙලරුස් රටවල්ද මෙම සාම සැමරුමෙන් බැහැර කර ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ඇතුන්ගේ අනාගත ඉරණම..?

රෂිකා හෙන්නායක ජූලි 26, කොළඹ LNW : පසුගිය කාලය පුරාවට...

රටේ අධ්‍යාපනය ගැන ඇත්තම තත්ත්වය මෙන්න – මෙච්චර කාලයකට ජාතික ප්‍රතිපත්තියක් තිබී නැහැ

කොළඹ LNW:වර්තමානය දක්වාම රට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්...