කොටුව උද්ඝෝෂණයට පන්න පන්නා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය! (VIDEO)

Date:

පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට පොලීසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ප්‍රහාරයට අදට මාසයක කාලයක් ගතව ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ ඇතැම් පිරිස් තවමත් නිදැල්ලේ සිටින බවටයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

එම විරෝධතාව කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වූ අතර පසුව පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ තිබුණි.

මෙහි ප්‍රධාන සැකකරුවෙක් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාවද මාසයක කාලයක් ගතවන තුරුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අතර අද අභියාචනාධිකරණය විසින් ලබා දුන් නියෝගයට අනුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...