*
Monday, December 16, 2024
spot_img

Latest Posts

හරීනුත් නොදැන හරීන්ට එරෙහිව හරීන්

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 10, කොළඹ (LNW): මේ මොහොත ක්‍රීඩා ඇමතිතුමා විසින් විසුරුවා හරින ලද රගර් පරිපාලනයේ පාලනයට,විසුරුවා හැරීමට හේතු වූ සභාපතිවරයාම පත් කර ඇත.එය සදාචාරසම්පන්න වැඩක් නොවේය. එහි සභාපතිවරයා නිලවරණය නොපවත්වා බලයේ රැදී සිටීමට අවශ්‍යය වටපිටාව සකස් කර ගනිමින් සිටින බවද රගර් පරිපාලනය විසුරුවා හරින්නට හේතු වූ එක සාධකයක්ය.


මේ තත්ත්වය මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ක්‍රීඩා අමාත්‍යවරයා නිලවරණයක් දක්වා රගර් පරිපාලනය මෙහෙයවීමට පැවරූ වගකීම,දැන් රගර් හී හිටපු සභාපතිටම පැවරී ඇත.මෙය ඔහු නැවත නිලවරණයට ඉදිරිපත් වන්නේනම් තමන්ගේ නිලවරණ ව්‍යාපාරය කරගෙන යාමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් නලින් ද සිල්වා ට ලැබුණු අනිසි ආශිර්වාදයක්ය.


එසේ නොවන්නටනම් නලින් ද සිල්වා නිලවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටිය යුතුය.ඒත් දැනගන්නට ඇති පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් විසුරුවන්නට හේතු වූ කරුණු පරික්ෂා කර බලා තීරණයක් ගත යුතුව තිබියදී පරික්ෂා කළ යුතු පුද්ගලයාටම වගකීම පැවරීම නරියාට කුකුල්ලු භාර දීමක් වැනිය.එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් වන සාක්ෂි නඩත්තු කිරීම පැවරී ඇත්තේ චූදිතයාටමය.


ශ්‍රී ලංකාව ඉතා ඉහළ ජයක් වාර්තා කළ රගර් තරගයේ දී යම් යම් ආයතනවලට ව්‍යාපාර සඳහා ක්‍රීඩා පිටියට ඒමට අවසර දීම ගැන ද,එය අනුග්‍රහයක ස්වරූපයෙන් සිඳු විනි ද යන්න ගැනත් රගර් පරිපාලනය ඇතුළේම සභාපතිවරයා ඇතුළු ප්‍රධාන නිලධාරීන් උත්තර නොදෙන ගැටළුවක් ද ඇත.ඒ කාර්යය සඳහා යොදා ගත්තේ යම් යම් කරුණු මත ක්‍රීඩා අමාත්‍යංශ පරිපාලනයේ දැණුම් දීම මත ඉවත් කරන්නට යෙදුණ පුද්ගලයෙක් ද යන්නත් විසුරුවා හරින විට කතාබහට ලක්වෙමින් තිබිණ.දැන් ඒ කතාබහ පාලනය ක්‍ර’ිඩා අමාත්‍යවරයාගේ බලතල ඇතුළේ හිමිව ඇත්තේ හිටපු සභාපතිවරයාටමය.


එසේම මෙහිදී වැදගත්ම කාරණය වන්නේ රගර් හී ව්‍යාප්තිය හැකිලීම සඳහා ජාත්‍යන්තරය ද හවුල් කරගෙන කරගෙන යනු ලබන ව්‍යාපෘතියට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වලරයා විසින් බලය පවරා තිබීමය.ජාත්‍යන්තර පරිපාලනය සමඟ කාරණා ඉදිරියට ගෙන යන්නේ හිටපු සභාපතිවන අතර ඔහු ඒ කාරණාවලින් ප්‍රාදේශීය පාලනය සීමා කරමින් ඡන්ද බලය ක්‍රීඩා සමාජ කිහිපයකට හසුරුවන්නට දෙන ව්‍යාපෘතියේ අත් උදව් කරුවෙක් හැටියට ශ්‍රී ලංකාවේ රගර් අනාගතය හකුලුවාලන්නට දායක විය හැකිය.


වත්මන් රගර් ව්‍යස්ථාව දිවෙන්නේ 1997 දී සිඳු වු සංශෝධනය පාදක කරගෙනය.එය රගර් හී විහිදීම සඳහා බලය ලැබෙනාකාරයට නවසීලන්ත ජාතික ජෙෆ් මැතේෂන් විසින් සිඳු කරන්නට යෙදුණු එකක්ය.ප්‍රාදේශිය පරිපාලනය බල ගැන්වුණේ රටේ ක්‍රීඩාවට දක්ෂයන් සොයා ඒමේ වැදගත්කම සහ ඒ සඳහා ක්‍රීඩාවේ ව්‍යාප්තිය තහවුරු කිරිමේ උවමනාව මතය.ඒ තීරණාත්මක මොහොතේ දී ශ්‍රී ලංකාවේ රගර් සභාපතිවරයා වූයේ වෛද්‍ය මයියා ගුණසේකරය.අද ද ඔහු වත්මන් අමාත්‍යවරයා යටතේ ක්‍රීඩාවේ වගකීම් සහගත චරිතයක්ව සිටින බැවින් ඒ සංශෝධනයේ පසුබිම විමසා බලා ගැනීම පහසුය.


එතැන් සිට ශ්‍රී ලංකාවේ රග්බි සභාපතිවරුන් වූ පිරිස වන්නේ ඇන්ටන් බෙනඩික්ට්,හර්ෂ මායාදුන්න,මොහාන් බාලසූරිය,ප්‍රියන්ත ඒකනායක,නිමල් ලෙව්කේ,රොෂාන් ගුණතිලක,අසංග සෙනවිරත්න,ලසිත ගුණරත්න සහ රිස්ලි ඉල්ලියාස් ය.ඒ කිසිවෙක් මේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා අවශ්‍යය සහ රටේ විවිධ ප්‍රදේශවල රගර් ජීවමානව පැවතීම සඳහා අවශ්‍යය එම සාධකය හකුලුවාලන්නට කල්පනා නොකළේය.


එහෙත් ඉතිහාසව විසින් ක්‍රීඩාවට වරදක් කළ පිරිස් රැකගන්නට යම් බමුණු කුලකයක් රැක ගැනීමේ උවමනාව මත මේ ප්‍රාදේශිය පාලනය වෙත ඇති බලය හකුලුවා ආධිපත්‍යය රඳවා ගෙන කුමන විෂමාචාර ක්‍රියාවක් කළ ද රැකෙන්නට හැකි පරිදි රගර් ව්‍යස්ථාව සකසා ගැනීමේ උවමනාව හිටපු වැරදි කරපු අයගේ ද ආශිර්වාදය ඇතුව ඉදරියට තල්ලු වෙන්නට පටන් ගෙන ඇත.මේ වන විටත් ඇමතිවරු කිහිප දෙනෙක් මත මෙන්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරින් මත ද කිසිම හැඟීමක් දැනීමක් ඇති නොකර ලංකාවේ රගර් ක්‍රීඩාවේ දැවන්තම වරද සිඳු කළ නිලධාරින් කිසිඳු හානියක් නැතුව ඉහළින්ම වැජඹෙන්නේය.


ආගමන විගමන පනතට අනුව වරදක් කරමින් විදේශිය ක්‍රීඩකයින් රටට ක්‍රීඩා කරවපු නිලධාරීන්ට මේ නිසා ජාත්‍යන්තර වශයෙන් පවා වගකීම් දැරිය හැකි තත්ත්වයක් අත් වී ඇති අතර එහි ප්‍රධානම තනතුර වන සභාපති තනතුර දැරූ අසංග සෙනවිරත්නව,ශ්‍රී ලංකා රගර් ක්‍රීඩා පරිපාලනයට බලපෑමක් ඇති වන පරිදි ඉහළ කමිටුවක මුල් තනතුර දී හිඳුවන්න පවා නාමල් රාජපක්ෂ උත්සාහ කළේය.එහි ලේකම්වරයා ට ද කිසිඳු හානියක් නොවන්නට මේ වන විටත් ආරක්ෂාව ඇති බව තහවුරු වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ වන විට රගර් හී වගකීම් පවරා ඇති හිටපු සභාපතිවරයා ඒ ලේකම්වරයා වන නිසාය.


අමාත්‍යවරුන් මෙන්ම රජයේ වගකීම් ඇති නිලධාරීන් ද කිසිඳු වගවීමක් හෝ හිරිකිතයක් නැතුව වැරදි දේවල් කරන්නට හිස නැමූ පුද්ගලයින්වම හිස නමා පිළිගෙන තනතුරුවල හිඳුවීම නොනැවතී සිඳුවෙමින් පවතින්නේ අප අපේක්ෂා කරන යහපත්කම වෙනුවට වෙනත් සබඳතාවලට ඇති බලය තහවුරු කරමින්ය.මේ දක්වා ඉතා හොඳින් ක්‍රීඩාවන් හී වටිනාකම් වැඩි කිරීමේ අරමුණෙන් සහ ජාතික වටිනාකමක් ක්‍රීඩාවට ලබා දීමේ උවමනාවෙන් පෙනී සිටින බවට අපම සහතික දෙමින් ලියූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉතිහාසයේ කිසිඳු පැල්ලමක් නොසළකා හරිමින් සහ මේ මොහොතේ ද අත් හිටවූ රගර් පරිපාලනයට එල්ල වෙමින් පැවති චෝදනා සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් වූ හිටපු සභාපති නලින් ද සිල්වාටම කැමති විදිහට කාපන් කියන්නාක් මෙන් රගර් භාර දීම සිතා ගන්නට නොහැකිය.


ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව එක තැන පල් වෙමින් ක්‍රීඩා සමාජ කිහිපයක බූදලයක් ලෙස මේ මොහොතේ පැවතීම ද වෙනස් වන ආකාරයට බලය ප්‍රාදේශිය වශයෙන් ව්‍යාප්ත කිරීම සහ ක්‍රීඩාව ප්‍රචලිත කිරිම වගකීම විය යුතුය.දෙවන පෙළ රගර් කණ්ඩායම්වලින් පළමු පෙළ රගර් කණ්ඩායම්වලට අභියෝගයක් ඇතිවන ආකාරයට රගර් පරිපාලනයේ ප්‍රාදේශීය බලය ව්‍යාප්තවීම පුළුල් කළ යුතුය.


පළමු පෙළ අවසාන කණ්ඩායම වෙනුවට දෙවන පෙළ සූරයින් ඇතුළත් වීමේ සංස්කෘතිය ආරම්භ විය යුතුය.එවිට පළමු පෙළට ඇතුල්වීම මෙන්ම එහි රැදීමේ උවමනාවෙන් දෙවන පෙළ රගර් හී දියුණුව වෙනුවෙන් කැපවෙමින් වැඩ කරනු ඇත.එසේම පළමු පෙළින් පහතට නොවැටෙන්නට දරණ උත්සාහයන්වලදී පළමු පෙළ රගර් හී තරගකාරිත්වය සහ ගුණාත්මකභාවය ඉහළින් තිබෙනු ඇත.මෑත ඉතිහාසයේ ද පීටර්සන් ක්‍රීඩා සමාජය මෙන්ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් නිර්මාණය කරන ලද කඳුරට ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජ ගැන පළමු පෙළ මතකයන් ඇතත් ඒවා පිළිවෙලකට සහ හැඩයකට ක්‍රියාත්මක වෙන නෛතික රාමුවක් පැමිණියේ නැත.


පළමු පෙළ රගර් තරගාවලියට කණ්ඩායම් පුරවන්නට අපි ද යෝජනා නොකරමු.එය තරගකාරීත්වය සහ දක්ෂතාවයන් හී ගුණාත්මක බවත් විනාශ වීමට හේතුවක් වනු ඇත.එහෙත් එම දක්ෂතාවයන්ගෙන් පහළම මට්ටමේ සිටින ක්‍රීඩා සමාජය දෙවන පෙළට පහත දමා දෙවන පෙළ හොඳම කණ්ඩායමට පළමු පෙළට ඒමේ අවස්ථාව දීමෙන් දෙවන පෙළ ක්‍රීඩා සමාජවල දක්ෂතා ද පලාපොරොත්තු සහගතව දක්ෂතා ඉහළින් පවත්වාගෙන යාමට වෙහෙසෙනු ඇත.


සිඳු විය යුතුව ඇත්තේ ප්‍රාදේශිය වශයෙන් මෙන්ම දැනට පවතින ඉහළ ක්‍රීඩා සමාජවලට අමතරව හොඳ කණ්ඩායම් ලෙස සංවිධානය වන ක්‍රීඩා සමාජවලට රගර් පිටියත් එහි බලයත් ව්‍යාප්ත වන ආකාරයට සැකස්ම ඇති වීමය.එහෙත් සිඳු කරන්නට උත්සාහ කරමින් සිටින්නේ ජෙෆ් මැතේෂණ් අධ්‍යයනයකින් පසුව ඇති කරන ලද ව්‍යහුය විනාශ කර රගර් යම් පංතියක බූදලයක් කර ගැනීමේ වැඩවසම් සිතුවිල්ලක් නූතණ සමාජයට ගලප්පන්නට වෙහෙසීමය.


මේ මොහොත වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යාප්තිය හරහා අපි රටට පලදායි සැඟවුණු ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් සිටියි.ඉදිරියේදී පිරිමි ක්‍රිකට් ද එසේ විය හැකි සැළසුම් ක්‍රියාවට නැඟෙමින් පවතියි.මේ සියල්ල දැක දැක රගර් ක්‍රීඩිවේ සෑම තරාතිරමකම රගර් ඉහළට එසැවෙන පරිදි ව්‍යහුය සකස් කර ඒ සඳහා වන බලය විමධ්‍යගත කිරීම තහවුරු කළ යුතුව ඇති මොහොතක ශ්‍රී ලංකා රගර් ලෙස ක්‍රීඩා සමාජ කිහිපයක් එහි අයිතිකරුවන් කරන්නට ආශිර්වාදය දීම අනාගතයේ රගර්වලට ආදරය කරන්නන් පරම්පරා පිටින් දෙස දෙවොල් දෙන, ඊට සම්බන්ධවන අයගේ තවත් පරම්පරා ගණනක් අපවාද විඳින වැඩක් වනු ඇත.


කිසිඳු ආකාරයකින් ක්‍රීඩාවක පරිපාලනයට අයුතු බලයක් නොයොදන බවට ප්‍රතිපත්තියක සිටින සහ ගමේ දක්ෂයන් සොයා යාමේ උවමනාවෙන් පෙළෙන බව කියන හරීන් ප්‍රනාන්දුගේ ක්‍රීඩාවේ දේශපාලනය රගර් හී තීරණ මත ඔහුටම එරෙහිව නැඟී ඇත.ඔහු විසින් වඩාත් යහපතක් කිරීම සඳහා ඉවත් කරන්නට යෙදුණ පරිපාලනයේ ප්‍රධානියාටම නැවත බලයට ඒමට සැළසුම් කළ හැකි පරිදි රගර් හී පාලනයේ යතුර පැවරී ඇත්නම්,…කියන්නට ඇත්තේ හරීන්ට එරෙහිව හරින්ම බවය.


ඇත්තටම හරීන් ට අවශ්‍යයව ඇත්තේ නැවත රගර් හී මුලට ගොස් තල්දූව,ලිඳුල මෙන්ම ඌව සම්බන්ධයෙන් තිබුණු රගර් හා සබැඳි පෞඩත්වය ඇති කිරීම විය හැකිය.එ තැන තැන නැඟෙන සුවිසල් රැලි කර එහි දක්ෂතාවයන්ගෙන් ලංකිවේ රගර් වැසි යන හැටි දකින්නට ඔහුට සිහිනයක් තිබෙන්නට පුළුවන්ය.එහෙත් සිඳුවන්නේ පවතින දෙවන පෙළ රගර් කන්ඩායම්වලට ද බලාපොරොත්තු හීන කරන සහ ක්‍රියාත්මක වෙමින් තිබෙන ප්‍රාදේශිය බලය ද හැකිලෙන ආකාරයට හරීන් ප්‍රනාන්දුගේ ආශිර්වාදය හිමිවන බව පෙනෙන්නට තිබීමය.මේ පරස්පරය වෙනස් කර අඩුම තරමේ තමන්ගේ හෘද සාක්ෂිය එක අරමුණක තැබෙන ආකාරයට රගර් ස්ථාපිත කිරීමට ඇමතිවරයාට හැකියාව ලැබිය යුතුය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan