පෙර පාසල් ගුරුවරුන්ට සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (09) දින අමාත්‍යවරයා අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් දුන් බව එහි දී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...