සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):
වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් , ජූනි 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙන බව , එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසුවේ, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව ලබන 12 වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.