අපි බලාපොරොත්තු දල්වාගෙන හිටියත් සමගි ජන බලවේගයෙන් ඒවා ඉටුවුණේ නෑ – චම්පික (VIDEO)

Date:

සමගි ජන බලවේගය සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු සහගතව සිටියත් ඒවා ඒ ආකාරයෙන්ම ඉටු නොවුණු බව 43 වැනි සේනාංකයේ සේනාවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“මේ රටේ දේශීය සංස්කෘතිය හඳුනාගත් දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි, මේ රටේ දැන උගත් මිනිස්සුන්ට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි, මේ අලුත් තරුණ පරපුරට ගැළපෙන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයයි කියන පදනමේ ඉඳගෙන තමයි අපි බලාපොරොත්තු දල්වා ගත්තෙ සමගි ජන බලවේගය ගැන. නමුත් ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටු නොවිච්ච බව සියලු දෙනාටම පෙනෙනවා, දැනෙනවා. ඉතින් ඒ අනුව අපි සමගි ජන බලවේගය නමැති පක්ෂයට එකතුවීමේ සූදානමක් නැති බව අපි ලිඛිතව දැනුම් දීලා තියෙනවා. සමගි ජන බලවේගයේ අනාගත ක්‍රියාමාර්ග මත ඒ අය විසින් ඇති කරන්න යන ප්‍රතිපත්ති හා ඔවුන්ගේ පක්ෂයේ හා ඔවුන් ගොඩනඟන්න යන සන්ධානයේ ක්‍රියාමාර්ග දෙස අපි බලන් ඉන්නවා. කෙසේවෙතත් සමගි ජන බලවේගයත් අපේ සතුරු බලවේගයක් නෙවෙයි, අපේ මිතුරු බලවේගයක්”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ 43 වැනි සේනාංකය විසින් ඊයේ (09) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...