වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ, චීනයේ කුන්මින් නගරයේ දී හෙට (11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්රදර්ශනය – 2026 ට සහභාගී වීම සඳහා ය.
මෙම ප්රදර්ශනය ලබන 16 වැනිදා තෙක් චීනයේ, කුන්මිං නුවර ඩියැන්චි ජාත්යන්තර සම්මේලන හා ප්රදර්ශන මධ්යස්ථානයේදී පැවැත්වීමට නියමිත ය.
මෙවර ප්රදර්ශනයට ශ්රී ලාංකික අපනයනකරුවන් 100 කට ආසන්න සංඛ්යාවක් ඇතුළුව ශ්රී ලංකාව නියෝජනය කරමින් 200 කට වැඩි පිරිසක් එක්වන බවත් සඳහන්.


