තවත් හද කම්පා කරන පුවතක්!මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ 9 දෙනෙකු ගමන්ගත් ගුවන් යානයක් අතුරුදහන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මලාවි ආරක්ෂක බළකායේ ගුවන් යානයක් ඊයේ (10) උදෑසන ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත් දී ඇති අතර ඉන් මද වෙලාවකට පසු රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් යානයේ ගමන් ගෙන ඇත්තේ, මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගුවන් යානය Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබී ඇති අතර, මලාවි ජනාධිපති ලාසරස් චක්වේරා පැවසුවේ සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

සොල්දාදුවන් තවමත් භූමියේ සෝදිසි කිරීම් සිදුකරන අතර යානය සොයා ගන්නා තෙක් මෙහෙයුම දිගටම කරගෙන යා යුතු බවට තමා නියෝග දැඩි කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර මෙය හදවත කම්පා කරවන දෙයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...