තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

අනවසර ඉදිකිරීම් ඇතුළු තෙත්බිම් විනාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති රිති සම්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා සියලුම රාජ්‍ය ආයතන සමඟ එක්ව පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා කියා සිටී.

අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ , තෙත් බිම් සංරක්ෂණයත්, තෙත් බිම් ආරක්ෂා කිරීම, ඒ හා බැඳී පවතින ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ඒ තුළින් පරිසරයේ සමතුලිත බව ඇති කිරීම, පරිසරයට එල්ල වී තිබෙන ගෝලීය අභියෝගයන් සඳහා ආදර්ශමත් රටක් ලෙස මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සියළු දැනුම ඒකාරාශී කරන වැඩපිළිවෙලක් සකස් කිරීම මේ පොදු සම්මූතිය හරහා බලාපොරොත්තු වන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට ඊයේ (10) දින සහභාගී වෙමින්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා මේ බව කියා සිටියේය .

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණු අතර, මෙම සමුළුව ජූනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි.

ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 කට ආසන්න පිරිසක් ඊට සහභාගී වෙති.

ශ්‍රී ලංකාව, කොරියාව, මොංගෝලියාව, පිලිපීනය, ජෝර්දානය, මියන්මාරය, නවසීලන්තය, නේපාලය, ජපානය, ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය, එක්සත් රාජධානිය සමුළුවට සම්බන්ධ වන රටවල් 15 වේ.

“පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය සදහා තෙත්බිම් හා තෙත්බිම් මධ්‍යස්ථාන” යන්න මෙවර සමුළුවේ තේමාවයි. තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම සමුළුවේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...