සටහන – නිශ්මං රණසිංහ
ජුනි 11, කොළඹ (LNW): ලෝක කුසලානයේ නිව්යෝර්ක් ක්‍රීඩා පිටිය යනු මේ වන විට වෙනස්ම තැනකි.එහි විස්සයි විස්ස ආකෘතියේ තරගවල පත්තු වෙන්නට නියමිත ගිණිකෙළි නිවා දැමුණු තැනකි.පන්දු යවන්නෙක් දුර්වල වූ විට සහ පිතිකරුවෙක් සියයට සියයක් විශ්වාසයෙන් එල්ල කරන පහරකට මිස මේ පිටියේ ලකුණු නැත.
එහි පළමු අභියෝගයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවය.එහිදී කාසියේ වාසිය දිනූ ලංකාව මේ අද්භූත පිටියේ පන්දුවට පහර දීමට ගොස් අමාරුවේ වැටිණ.එහෙත් ඒ පිටියේ හොඳින්ම වැඩ ගැනීමට හැකි පන්දු යැවීමේ බල ඇණියක් සිටින බව පැහැදිළි කරමින් ශ්‍රී ලංකාව සිය සුළු ලකුණු පූවරුව සඳහා හොඳ සටනක් දුන්නේ තමන් සතු කළමණාකරනයෙන් දුර්වල පිතිකරණ කණ්ඩායම විසින් ඇති කරන ලද අපකීර්තිය සුරකමින්ය.
හැබැයි ශ්‍රී ලංකාව තරමට දුර්වල නොවුණ ද,මේ පිටියේ සාර්ථක වීමට පිතිකරුවෙක්ට පහසු නැති බව මේ වන විට ඔප්පු වී ඇති ඇත්තය.එහි ආසන්නම සාධකය ඊයෙ බංගලාදේශය සහ දකුණු අප්‍රිකා තරගයේ දී ද,පෙරේදා ඉන්දීය සහ පකිස්තාන තරගයේ දී ද ඔප්පු විය.ඉන්දියාවට පෙරේදා ජයග්‍රහණයට ප්‍රමාණවත් වූ ලකුණු 119 මෙන් ඊයේ දකුණු අප්‍රිකාවට ලකුණු 113 ප්‍රමාණවත් විය.
තරගාවලියක සම සැළකිල්ල සෑම කණ්ඩායමකටම අවශ්‍යය වන්නේය.මහේෂ් තීක්ෂණ කී කතාවේ එවැනි අර්බූදයක් තිබෙන බව පැහැදිළි වන්නේ දකුණු අප්‍රිකාව ඊයේ වන විට සිය තරග තුනම නිව්යෝර්ක් හී ක්‍රීඩා කර තිබෙනු දැකීමෙන්ය.ඒ නිසාම විශ්වාසය මත කාසියේ වාසිය දිනා දකුණු අප්‍රිකාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ ද,එය එතරම් සාර්ථක නොවිණ.තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් පසුව ද ලබා ගත හැකි වූවේ ලකුණු 113 කි.කෙසේ වුව ද මේ මොහොතේ ලංකාවේ දේශපාලන සංදර්භය විසින් ඇතින් කරන ලද සමාජ විරෝධය සමඟ ක්‍රිකට් පරිපාලනයේ සිටම කණ්ඩායම තෙක්ම පතුරු ගසමින් සිටින බොහෝ දෙනෙක්ට ක්‍රීඩා පිටි ලබා දීමේදී නවාතැන් ලබා දීමේදී ජාත්‍යන්තර පිටියේ ඇති තත්ත්වයන් සමාන නොවුණ ද,විශේෂ යමක් කරන්නට හැකියාව තිබිය යුතුය යන තැන පිහිටා කටයුතු කරමින් සිටින්නේය.
හිටපු ක්‍රීඩකයින් හැටියට මේ විරෝධය හරහා සහ තිබෙන තත්ත්වයන් විවේචනය හරහා අලුත් ඉඩක් සකසා ගැනීමට උත්සාහ කරමින් සිටින අතර මූලික වශයෙන් විරෝධී සිතුවිල්ලක සිටින පිරිස් එය උඩ දමා පහර දෙන්නේය.ඒ අතර ලසිත් මාලිංගගේ පෞද්ගලික හැකියාව ගැන ඔහු ආඩම්බරයෙන් කතා කරන වීඩියෝවක් ද ප්‍රචාරය වන්නේය.ඒ කණ්ඩායමක සිටිය හැකි විශේෂ ක්‍රීඩකයෙක්ය.දැන් මේ මහේෂ් තීක්ෂන මතු කරන්නේ ඔහුට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේය.කණ්ඩායමටට අන් කණ්ඩායම් හා සම තත්ත්වයේ සැළකීමක් නොලැබෙන බවය.
මේ අතර මාලිංගගේ වීඩියෝව හා සමානවම මුරලිගේ වීඩියෝ දෙකකින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දමා ගසමින් ඇත.ඒ මුරලිගේ එක් වීඩියෝවකින් කියන්නේ කෙනෙක් තමන්ට අප්රියනම් දිගටම අප්‍රිය ලෙසම දකිනු විනා ඔහු කරන ප්‍රිය වැඩ නොසළකා හරින බවය.ඒ සමානවම කෙනෙක් ප්‍රියනම් ඔහුගේ අප්‍රිය වැඩ නොසළකා ප්‍රිය සේ තකන බවය.මේ කතාව ලංකාවේ බොහෝ ක්‍රීඩා විචාරවල ඇත්ත තත්ත්වය මෙන්ම මේ වන විට පසුබෑම ගැන උපදෙස් දෙන පිරිසගේ ද ඇත්ත තත්ත්වයන් එළියට ගන්නේය.
නිව්යෝර්ක් පිටියේ සිට මේ දක්වා ලෝක කුසලානය ක්‍රියාත්මක වූ ආකාරය දකින විට ශ්‍රී ලංකාව ගැන ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය එල්ල වෙන තැන පිරිමදින අන්දමේ කතාවලට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළින් අගය කරන්නේය.ටීඑම්.ඩිල්ෂාන් ප්‍රිය කරන්නේ මේ වන විට කණ්ඩායමේ පුහුණුකරු තනතුර වගේ දෙයක්ය.එහෙත් ඔහු සංවාදයක තමන් නායකයානම් පිතිකරු නාමාවලිය සකස් කරන හැටි කියන්නේය.එහි ආරම්භක පිතිකරු ස්තානයේ තබා අංක තුනේවත් ඔහු නැත.ඒ කියවෙන්නේ පුහුණුකරුවානම් කරන හැටි සහ ඊට අදාළ තර්කය.
ක්‍රිකට් සම්බන්ධ බොහෝ විවේචන කළ අය එහි තනතුරුවලට පත් වෙන අයුරු අපි පසුගිය කාලය පුරාම දුටුවෙමු.එහෙත් ඔවුන් පත්වීමට අදාළ වැටුප තරමට පත් වූ පසුව සේවය කරා ද යන්න අප සිතා බැලිය යුතුය.තාක්ෂණික් කමිටු,උපදේශක කමිටු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විවිධ ආකාරයෙන් ඒවාට වියදම් දැරූ බව අපි දනිමු.එහෙත් මූලික වශයෙන් හිතේ ඇති අප්රියතාවය මත වැඩ කරන විට ඒ තත්ත්වයන් නොදැනෙයි.විවේචනය ක්‍රිකට් හී මුල් පුටු මත රැදී ඒ වටාම භ්‍රමණය වෙයි.
දැන් මේ කතා කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ක්‍රිකට් සම්බන්ධයෙන් වගකීම් දරා ඇත්තේම නැද්ද?ඔවුන් එයින් සාර්ථකත්වයට දෙන ලද දායකත්වයන් කවරේද? මේ ක්‍රිකට් විරෝධයට වඩාත්ම හේතු සැපයුවේ හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහය.ක්‍රිකට් ආයතනය සමාජ සුබ සාධනයට මෙන්ම වෙනත් ක්‍රීඩාවලට ද කෝටි ගණනින් මුදල් ආයෝජනය කළේය.මේ තත්ත්වය ඇතුළත ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශක මඩුල්ලේ සිටි අය (හරීන් ප්‍රනාන්දු ද ඒ ඇතැම් අය පත් කර ඇත.) දුන්න උපදෙස් අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය වූයේ එම මුදල් ක්‍රීඩා අරමුදලට ගෙන ඔහුගේ ප්‍රධානත්වයෙන් ඇති අරමුදල හරහා ගෙවන්නටය.ගැටුම එතැනය.ක්‍රීඩා පණතෙන් ඇති බලය මත ඕනෑම පිණුමක් ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ ගැසිය හැකි බව සිතූ අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනය විසුරුවා අතුරු කමිටුවට පත් කළේ ඔහුට ක්‍රිකට්වලින් ක්‍රීඩා අරමුදලට මුදල් ගැනීමට උපදෙස් දුන් උපදේශක මණඩලයේ සභාපතිය.මේ කාරණය කවුරුවත් කියවාගන්නේ නැත.අඩුම තරමේ විපක්ෂ නායකවරයා ප්රමුඛ සමඟි ජන බලවේගය ද එය කියවා ගත්තේ නැතුව ලොකු විහිළුවක කොටස්කාරයන් වී අයිසීසී ය ඉදිරියේ ඇඳුම් උනා ගත්තේය.
එහෙත් ඇත්තම කාරණය 1996 දක්වා තිබුණු අර්ජුන මෙහෙයවපු ක්‍රිකට් අද නැත.ඒ වන විට ඇත්තේ 96 න් පසුව අර්ජුන විසින් 99 දක්වා රැඟෙන ආ ක්‍රිකට් ය.පරිපාලනය කණ්ඩායම සමඟ බද්ධ වූයේ එතැනදී ය.ප්‍රධාන විධායක නිලධාරියාව සිටියේ අර්ජුනගේ අයියා ය.අර්ජුනට ඉල්ලා අස්වෙන්න තරමට ඔහුව ප්‍රතික්ෂේප වූ අතර ධම්මිකට එල්ල වූ විවිධ චෝදනා මත ක්‍රිකට් හැර යන්නට විය.ඉන් පසුව ධම්මික යළි චරිතයක් වූයේ යහපාලන රජය ඇතුළේය.එහිදී ධම්මික අර්ජුනට ලැබුණු ආර්ථික මර්මස්ථාන අයත් ප්‍රබල අමාත්‍යංශ දෙකේම දැවන්ත ආයතනවල සභාපති පුටුවේ ඉන්දුවේ අර්ජුනය.
එසේම මේ ක්‍රිකට් පරිපාලන ඒකකවලට දැවන්ත චෝදනා කර සමාජය ඒක රාශි කර සමාජ මතයක් සාදා ඒවා ඉවත් කර අතුරු කමිටු ගෙන ආ අවස්ථා ඇත.ඉන් එක අවස්ථාවක අතුරු කමිටුවක් විසින් ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ද දැරුවේය.සිඳු වූයේ කුමක්ද යන්න අප මෙනෙහි කර බැලිය යුතුය.ලෝක කුසලාන සත්කාරකත්වයක් ද දරා අවසානයේ පඩි ගෙවීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පැමිණියේය.එසේම වත්මන් තේරිම් කමිටු සභාපති උපුල් තරංග තහනම් උත්තේජක චෝදනාවකට ද ගොඳුරු විය.එයට හේතුව මේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී නිර්මාණය කළ රාජකීය වෛද්‍යවරයාගෙන් ලබා ගත් ප්‍රතිකාරය.
අවසානයේ රටේම කොරෝනා සනීප කරන්නට ඟංගාවලට මුට්ටි අත අරින රූකඩ බවට මේ රටේ අමාත්‍යවරු පත් කළ රාජකීය වෛද්‍යවරයා කොරෝනා තත්ත්වය උත්සන්න වී පරලෝ සැපත් විය.මේ කාලවකවානුව මරුය.ජාතික කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් ජනතාවට බලපෑම් කරමින් මහින්ද රාජපක්ෂට ඡන්දෙ ප්‍රකාශ කරන ලෙස කියමින් රාජපක්ෂ කදවුරේ සිට ගත්තේය.කඩුලු ලබා ගැනීම,ලකුණු ලබා ගැනීම ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික දක්ෂතාවය වුව දේශපාලන වශයෙන් තීරණවලට ඒමේ තිබෙන පසුගාමීත්වය සහ වැරදි තීරණවලින් කියවෙන්නේ ඔවුන්ට ඇති කළමනාකරන සහ පරිපාලන දුර්වලතාවය ය.තමන්ගේ ව්‍යාපාරයක් රජය සමඟ හොඳ හිත තබාගෙන දියුණු කර ගැනීමට වඩා රටක දේශපාලන පරිපාලනය සහ කළමණාකරණයත්,ක්‍රීඩාවකට ඒ ආකාරයේ නායකත්වයක් ලබා දීමත් කළ නොහැකි බව ඇත්තය.දැක්ම සහ ආකල්පවලින් ඔවුන් මේ රටේ ජනතාව වැරදි තැනකට යොමු කරන්නට ගත් වෑයම නිසා අපි අදත් පසුතැවෙන,දුක් විඳින ජාතියක්ව සිටින්නෙමු.
ඒ නිසා කාගෙවත් ක්‍රීඩක හැකියාව ක්‍රීඩාව තුළම වුව වෙනත් විෂයකට බලපාන්නේ නැත.සමහර විට දක්ෂ ක්‍රීඩකයන් නොවුණු පුහුණුකරුවන් අපට හමුවන්නේ එබැවින්ය.ඒ දෙකම නොහැකි දක්ෂ පරිපාලකයෝ ද ඇත.ආනා පුංචිහේවා 96 ක්‍රිකට් වෙනුවෙන් කරන ලද සැළසුම් සහ පිටුපසින් සැපයූ නායකත්වය කුසලානය අත තබාගෙන වන්දනාවේ ගිය කවුරුත් කියන්නේ නැත.ඒ නිසා ක්‍රිකට් වල ස්වභාවය මේ මොහොතේ සමස්ත තරගාවලියට සාපේක්ෂව කල්පනා කිරීම විනා අපේ කැමති අකමැති හැඟීම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දක්වන අදහස්වලින් වියුක්ත විය යුතුය.
මූලික වටය නිමාවන විට ශ්‍රී ලංකාව පමණක් නොවන මෑත කාලයේ බෙහෙවින් අවධානය දිනා ගත් තවත් ප්‍රබල කණ්ඩායම් සුපිරි අට වටයේ නොරැඳෙන්නට ඇති ඉඩ විශාලය.කල්පනා කළ යුත්තේ එයය.විස්සයි විස්ස යනු මාර සෙල්ලමක්ය.එහි හෙට දවස කාට කොයි ආකාරයකින් බලපෑම් ඇති කරනු ඇද්දයි කියන්නට බැරි තරම් විශ්මිතය.සමහර විට කණ්ඩායමක සිටින එක ජාත්‍යන්තර තලයේ පිතිකරුවෙකුට තරගයක් වෙනස් කරන්නට හැකියාව ඇති අන්දමේ ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත් කර ඇති විස්සයි විස්ස සම්බන්ධයෙන් වන අවිනිශ්චිතභාවය තදින්ම දැණුන තැන නිව්යෝර්ක් පිටියය.එහෙත් පේන තරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට අපහසු බව හොඳින්ම අවබෝධ කර ගන්නට ඉඩ සළසපු එහි සිට ලංකාවේ ක්‍රිකට් ඉරණමට සිඳුවන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.
අපි තවමත් ඉන්නේ පැටලිල්ලකය.ක්‍රීඩකයන් ද එසේමය.රටක් හැටියට සියල්ල පටලවපු කඳවුරකට කතිර ගාල් කර අපිව දිව්‍යලෝක ගත කරන්නට හැදුව ක්‍රීඩකයෝ වට වී,අපට නොපෙනෙන ක්‍රිකට් මොක්පුර පෙන්වන්නට හදද්දී අපි ඉවසීමෙන් කටයුතු කළ යුතු වන්නෙමු.සියල්ල දේශපාලනිකය.ඔවුන් වැරදෙන තැන්වලට රූපවාහිනි මැදිරිවල සිට ගහන ගැහිලි ඔවුන් පිටියේ ගැසූ ගැහැලි නොවන බව අපි විශ්වාස කරන්නෙමු.ඒ විදිහට අලුත් පරම්පරාවට ගස්සන්නට කියා දෙන්න ගිය අයටද ඒ බව නොහැකි වූ බව ද ඇත්තය.මේ ඇත්ත තිබෙන්නේ බොරු වලවල් දහසක් මැද්දේය.ඒවා උඩින් පේන ශ්‍රී ලංකා ක්‍රිකට් හී අසුනක් සම්බන්ධයෙන් සිහින දකින්නේ ඔබව ඒ බොරුවල් යට දමා ඔබේ කරවල් මතින් වලවල්වලට නොවැටී යන්න පාර හදාගන්නවා යන්න තේරුම් ගන්න ඔබේ මනස නිව්යෝර්ක් පිටියේ දැවී නොයන තරමට තැන්පත් විය යුතුය.
නිව්යෝර්ක් හී පැවති දකුණු අප්‍රිකා බංගලාදේශ තරගයේ ලකුණු විස්තරය ද ඔබට මේ සටහන ගැන තේරුම් ගන්නට හේතු සපයනු ඇත.
https://es.pn/4aVAVh9