මෙරට දේශපාලනයේ දැවැන්තම සන්ධානය නුදුරේදීම කරළියට!සමඟිය ඉරි තලන ලකුණු!

Date:

කොළඹ LNW: මෙරට දේශපාලනයේ දැවැන්තම සන්ධානය නුරුරේදී ගොඩනැගීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග අවධාරණය කර සිටියි.

රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තීන්දු කළ ආර්ථික ඝාතකයින්ගේ තක්කඩි ජුන්ටාවෙන් තොර ආර්ථික සමෘද්ධිය මතින් ජන ජීවිතය නගාසිටුවන,ජාතික සංහිඳියාව හා දුෂණයෙන් තොර රටක් උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස එය ගොඩනගන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම නව බලවේගය සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂ නායකයින්, මන්ත්‍රී කණ්ඩායම් මෙන්ම මේ වන විට ප්‍රධාන විපක්ෂය ලෙස සිටින සමඟි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙක් ද එකතු වීමට නියමිත බව වාර්තා වුණි.

ඒ සඳහා වන සාකච්ජාවක්ද පසුගියදා කොළඹදී පවත්වා තිබේ.

ඉදිරියේදී ගොඩනැගෙන මෙම දැවැන්ත සන්ධානයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් කිරීමට එම සාකච්ජාවේදී තිදෙනකුන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙන අතර එළඹෙන ජනාධිපතිවරණයට මුහුණ දීමට උපාය මාර්ගික සැලැස්ම,දේශපාලන වැඩ පිළිවෙළ හා ආර්ථික ප්‍රතිපත්ති මාලාව කෙටුම්පත් කර අවසන් කිරීමටද තීන්දු කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන පුළුල්ම සන්ධානය ගැන තව සති දෙකකින් දැන ගත හැකි බවද පසුගියදා එජාප ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද පවසා තිබුණි.

දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු බොහෝ කණ්ඩායම් ඊට එක්වීමට නියමිත බවයි හිටපු අමාත්‍යවරයා ද පවසා තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...