බැංකොක්හි එළිමහන් වෙළඳපොලක ඇති වූ ගින්නක් හේතුවෙන් සතුන් 1,000කට අධික සංඛ්‍යාවක් මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 11,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : බැංකොක්හි සුප්‍රසිද්ධ එළිමහන් චතුචක් වෙළඳපොලේ ඇති වූ ගින්නක් හේතුවෙන් සතුන් 1,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

අග්නිදිග ආසියාවේ විශාලතම වෙළඳපොලක් වන චතුචක්හි සතිය පුරා විවෘතව පවතින් සුරතල් සතුන්ගේ කොටසට ගින්න හේතුවෙන් විශාල හානියක් සිදුව ඇති අතර එහි වෙළඳසැල් 118කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබේ. එහි මීයන්, පිඹුරන් සහ හූනන්,කැස්බෑවන්, කුරුල්ලන්, බල්ලන්, බළලුන් සහ සර්පයන් මෙලෙස ගින්නෙන් දැවී ගොස් ඇත.

ගින්නට හේතුව විදුලි කෙටීමක් හේතුවෙන් ඇති වූවක් වශයෙන් හඳුනාගෙන ඇති අතර විනාඩි 30ක් ඇතුලත ගින්න සම්පුර්ණයෙන්ම නිවා දමා ඇත.

මෙම වෙළඳපොල තායිලන්තයේ සති අන්ත වෙලඳපොලවල් අතරින් විශාලතම සහ වඩාත් ප්‍රසිද්ධම වෙළඳපොල වන අතර මෙහි පටු මංතීරුවල දස දහස් ගණනින් සාප්පු පිරී ඇත.

සතිඅන්ත දිනවල සංචාරකයින් 200,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන බව වාර්තා වන අතර මෙහි සුරතල් සතුන් අලෙවි කරන වෙළඳපොලේ කොටස සතිය පුරා විවෘතව පවතී.

ජයාරූප: අන්තර්ජාලයෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...