නීතිපති ගැන ජනාධිපතිගේ තීරණයට අත උස්සනවද නැද්ද ? ව්‍යවස්ථාදායක සභාවේ තීරණය සඳුදාට කල් යයි!

Date:

කොළඹ LNW:නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන තීරණය අනුමත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවදුරටත් කල් ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වයන් තවදුරටත් පැහැදිලිකරගත යුතුව තිබෙන බවයි ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

පවතින නීතිමය තත්ත්වයන් පැහැදිලි කරගෙන ලබන සඳුදා දිනයේදීත් ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමට නියමිතයි.

එළඹෙන 26 වැනිදා නීතිපති සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යාමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...