*
Friday, April 26, 2024
spot_img

Latest Posts

මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ තමිල්නාඩු මහඇමතිවරයා හමුවට

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා පසුගිය සෙනසුරාදා දින පෙරවරුවේ චෙන්නායි හි පිහිටි මහ ඇමති කාර්යාලයේ දී  තමිල්නාඩු මහ ඇමති තිරු එම්.කේ. ස්ටාලින් මැතිතුමා හමුවිය. තමිල්නාඩු රජයේ මහ  ලේකම් තිරු ඉරෛ අන්බු මහතා සහ ප්‍රධාන රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙකු මෙම හමුව සඳහා සහභාගී වූහ.

නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු 2011 වර්ෂයෙන් පසුව තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා හමුවූ පළමු අවස්ථාව මෙය විය.

මහ කොමසාරිස්වරයා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා ඒකාබද්ධ රාජ්‍ය උපාය මාර්ගය” නමැති මාර්ග සිතියමේ දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාව සහ ඉන්දීය සංගමයේ ප්‍රාන්ත අතර පුළුල් අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාන්ත මට්ටමෙන්  ශ්‍රී ලංකාවේ සලකුණ පුළුල් කිරීමේ සැලැස්මේ අංගයක් ලෙස මහ කොමසාරිස්වරයා තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවිය.

මෙම හමුව ආරම්භයේදීම මහ ඇමතිවරයා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා උණුසුම් ලෙස පිළිගත්තේය.ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා මෑතකදී ශ්‍රී ලංකාවට ලබාදුන් රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා තමිල්නාඩු මහ ඇමතිවරයාට සහ තමිල්නාඩු ජනතාවට සිය ස්තුතිය පුද කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහ ඇමති ස්ටාලින් මැතිතුමා, ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බවත්, අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ප්‍රථම නෞකාව වහාම මෙරටට එවීමට කටයුතු යොදා ඇති බවත් සඳහන් කළේය. දෙවැනි නෞකාවක් මෙරටට එවීමට නියමිත බවත්, තවත් නැව්ගත කිරීම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් එතුමා පැවසීය.

මහ කොමසාරිස්වරයා සහ මහ ඇමතිවරයා ධීවර ගැටළුව ඇතුළු ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර පවතින සබඳතා ආශ්‍රිත ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා කළහ.තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින පෞරාණික මෙන්ම ප්‍රබල ජනවාර්ගික, සංස්කෘතික සහ ආගමික බැඳීම් සමාලෝචනය කළ සම්භාවනීය අමුත්තන් දෙපළ, එම බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළහ.තවද, කීර්තිමත් දමිළ කවියෙකු සහ දාර්ශනිකයෙකු වන තිරුවල්ලුවර්ගේ ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් වැනි සුදුසු පරිශ්‍රයක ස්ථාපනය කරන ලෙස මහ ඇමති ස්ටාලින් මැතිතුමා ඉල්ලා සිටියේය. මහ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව පිළිගත් මහ කොමසාරිස්වරයා, මෙම මුලපිරීම සඳහා සහය ලබා දීමටත්, ඊට පහසුකම් සැලසීමටත් භාරගත්තේ ය. ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර පවත්නා සබඳතා ආශ්‍රිත සියලු අංශ අතර වඩාත් ඉහළ සම්බන්ධීකරණයක් ඇති කරගැනීමේ අරමුණින් ප්‍රාන්ත  මට්ටමේ කේන්ද්‍රස්ථානයක් නම් කරන ලෙස මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාමහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. තවද, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාමහ ඇමති ස්ටාලින් මැතිතුමාට ඇරයුම් කළේ ය.

මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය පාර්ලිමේන්තු දේශන ඇතුළත් ග්‍රන්ථයේ දමිළ පරිවර්තනයේ පිටපතක් මහ ඇමැතිවරයා වෙත පිළිගැන්වීය. තවද, 2006 වර්ෂයේ දී, මහ ඇමති ස්ටාලින් මැතිතුමාගේ පියා වන තමිල්නාඩුවේ හිටපු මහ ඇමති දිවංගත තිරු එම්. කරුණානිධි මැතිතුමා වෙත මෙම කෘතියේ පිටපතක් පිළිගැන්වූ ආකාරය මහ කොමසාරිස්වරයා මෙහිදී සිහිපත් කළේය.

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මහතා,   නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා සහ චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් සුපුන් දේශප්‍රේම යනාදීහු සමඟ මෙම හමුවට සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 ජූනි 10 වැනි දින 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan