CEB සභාපති කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී. සමාවත් ඉල්ලයි !

Date:

මන්නාරමේ යෝජිත විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

කෝප් කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ තිබුණු පීඩනය සහ හැඟීම් හේතුවෙන් තමන් එම ප්‍රකාශය කළ බවත් එහිදී ඉන්දීය අගමැතිවරයාගේ නම කියැවුණු බවත් ය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් ඒ මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

මන්නාරම විදුලිබල ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන්නැයි ඉන්දීය අගමැති මෝදි මහතා බලකරන බැවින් එය ඔවුන්ට ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බලපෑම් කළ බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...