CEB සභාපති කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී. සමාවත් ඉල්ලයි !

මන්නාරමේ යෝජිත විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

කෝප් කමිටු සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ තිබුණු පීඩනය සහ හැඟීම් හේතුවෙන් තමන් එම ප්‍රකාශය කළ බවත් එහිදී ඉන්දීය අගමැතිවරයාගේ නම කියැවුණු බවත් ය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බවත් ඒ මහතා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

මන්නාරම විදුලිබල ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන්නැයි ඉන්දීය අගමැති මෝදි මහතා බලකරන බැවින් එය ඔවුන්ට ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට බලපෑම් කළ බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

RN

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...