පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරයට යළි පණක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

පසුගිය කාලය පුරාවට දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසූ අතර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

“අලුත් ගමක් – අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ...

අපූරු පාඩමකි…නාය ගිය ජීවිත…

මල් වඩම් නැත..සුදු කොඩිත් නැත.අධික මිලවූ පෙට්ටි නැත.මලබෙර හඬත්...

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...